Loading..

මෙතෙක් මිනිසා විසින් සොයාගෙන තියෙන විශාලම ජල මූලාශ්‍රය


 

2011 වර්ශයේදී තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගන්නා ලද පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 12ක් පමණ දුරින් පිහිටා ඇති APM 08279+5255 ලෙස හඳුන්වන ජල වාශ්ප වලාකුළ තමයි දැනට අපි සොයාගෙන තියෙන විශාලම ජල මූලාශ්‍රය. 

මේ වලාකුළ ආසන්න වශයෙන් වසර බිලියන 1.6ක් පැරණි බව සොයාගෙන තිබෙනවා. අපගේ සූර්යයාට වඩා මිලියන 20 ගුණයක් පමණ විශාල යෝධ කළු කුහරයක් වටා කක්ශගත වෙලා තියෙන මේ වලාකුළ මඟින් ගණනය කිරීම් වලට අනුව පෘථිවියේ සමස්ත ජල ප්‍රමාණය මෙන් ට්‍රිලියන 143ක පමණ ජල ප්‍රමාණයක් රඳවාගෙන ඉන්නවා වගේම අපගේ වායුගෝලයට වඩා ට්‍රිලියන තුන්සියගුණයක පමණ අඩු ඝනත්වයකින් තමයි පවතින්නේ. මේ විශාල ජලවාෂ්ප වළාකුළ කළු කුහරය පෝෂණය කරනවා වගේම තව ඉදිරියට මෙහි වර්තමාන ප්‍රමාණය මෙන් 6 ගුණයක් පමණ විශාල විය හැකි බවද තාරකා විද්‍යාඥයින් පවසනවා.
 

ආතර් සී. ක්ලාක්ගේ පොත්වල වගේ වතුර අභ්‍යාවකාශ යානා වල ඉන්ධන විදිහට පාවිච්චි කලොත් මේක පට්ට වටීවී, ඒත් දුර තමයි...

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...