Loading..

ලොව සුඛෝපභෝගීම බස් රථය - Furrion Elysium RV


 
Furrion Elysium RV මෙතෙක් නිර්මාණය කරන ලද වඩාත් සුඛෝපභෝගීම වාහන අතරින් එකක්. වාහනයක් කියනවට වඩා මේකට motor home එකක් එහෙමත් නැත්තම් ජංගම ගෙයක් කිව්වනම් හරි. Furrion කියන ඇමෙරිකානු සමාගමෙන් තමයි මේ බස් එක හදලා තියෙන්නේ. 




අඩි 43ක් දිග අඩි 8ක් පළල මේ වාහනය ඇතුලේ Hot bath tub එකක් අඟල් 75ක 4K TV 3ක් වගේම hood එකේ කුඩා හෙලිකොප්ටරයක් පවා නැවැත්වීමේ හැකියාව තියෙනවා. නවීනතම තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරන ලද අංඟෝපංග වලින් සමන්විත මෙහි නිදන කාමරයක්, නාන කාමර කොටසක්, ආලින්දයක් වගේම කුස්සියකුත් තියෙනවා. මේ බස් එක ඔයාට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.2 වගේ සුළු මුදලකට ඔබට මිලදීගන්න පුලුවන්. 

හෙලිකොප්ටරයක් තිබ්බනම් අනිවාරෙන් බස් එකක් ගන්න තිබ්බා මට..😪


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...