01.තදින් කෙස් කළඹ ගැටගැසීම නතර කරන්න.
ඉන් කෙස්ගස් මුල් වලට දැඩි පීඩනයක් එල්ල වීමෙන් ස්‍යුනිකා හානි වී වඩාත් දුර්වල තත්වයකට පත් වී යයි. එය හිසකෙස් ගැලවී යාමට හේතු වේ.
02.සුදු කෙස්ගස් ගැලවීමට නොයන්න.
මේ පුරුද්ද හිසකෙස් මුලට දැඩි ලෙස හානි ඇති කරන අතර කෙස්ගස් නිරෝගීව හා ශක්තිමත්ව නැවත වර්ධනය වීම අඩු කරයි.
03.කොණ්ඩයට වදදීම නතර කරන්න.
නිතර කෙස්කලඹ ඇල්ලීම, ගැසීම, ඇදීම, රෝල් කිරීම, ඇඹරීම වැනි ක්‍රියාකාරකම් නිසා කෙස්කලඹේ ශක්තිමත් බවට අහිතකර බලපෑම් ඇති විය හැකිය.
04.හිස් කබල කසනසුලු බව නිසා තදින් හිස කැසීමෙන් වලකින්න.
මෙම තත්වය හිසකෙස් ගැලවී යාමට බලපාන අතර වැරෙන් හිස් කබල කසන විට හිසකෙස් මුල් වලට හානිවේ. ඔබගේ හිස් කබල පිරිසිදුව තබා ගන්න.
05.හිසකෙස් වැරෙන් පීරීම නොකරන්න.
හිසකෙස් මෘදුව පීරන්න.මුලින්ම ගැට ලිහා ගැනීම කළ යුතුයි පළල් දත් සහිත පනාවක් හෝ බුරුසුවක් තෝරාගන්න.

