Loading..

අපි කරුවලට බය ඇයි...?


 


කවුරු කොහොම කිව්වත් පොඩි කාලෙදි අපි හැමෝම කරුවලට බයයිනේ. මේකට අපි ලැජ්ජ වෙන්න ඕනේ නෑ මොකද මේ කරුවලට බය කියන දේ අපේ පරිණාමයේ මුල් කාලයේදීම ඇති වෙච්ච දෙයක්. අපි ඒ කාලේ කරුවලට බය උනේ රාත්‍රියේදී මිනිස්සුන්ව දඩයම් කරා විලෝපිකයන්ගෙන් අපිව ආරක්ෂා කරගන්න. 

වර්තමානයේ අපි ආහාර දාමයේ ඉහළින්ම හිටියට පරිණාමය වෙන අවදියේ අපිවත් ගොදුරගත්තු ජීවින් හිටියා, බොහෝවිට ඔවුන් මිනිසුන්ව ගොදුර් කරගත්තේ රාත්‍රී කාලයේ මොකද රාත්‍රියේදී අපේ ඇස් පෙනීමේ දුර්වලතාවය ඔවුන් ප්‍රයෝජනයට ගත්තා. මේ නිසා රාත්‍රියේදී නිදාගන්නත් ගුහාවලට වෙලා ඉන්නත් අපි පුරුදු වුනා, අන්න ඒ ඇතිවෙච්ච බය පරම්පරා ගණනක් අපේ මොළයට කාවැදුනා, ඊටපස්සේ මෙක අපේ ජානවලට එකතු වුනා ආත්මාරක්ෂා ක්‍රමයක් විදිහට. 🧬

දැන් ඉතින් කරුවලට බය වුනත් ඒකට තියෙනවා විද්‍යාත්මක හේතුවක්...😅
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...