Massachusetts Institute of Technology (MIT)හි පර්යේෂකයන්ට අනුව පෘථිවියේ අක්ෂයේ නැඹුරුවීම හේතුවෙන් සෑම වසර 20000කට වරක්ම ලොව විශාලතම කාන්තරය ලෙස හඳුන්වන සහරා කාන්තාරය සාරවත් වනාන්තරයක් බවට පත්වෙනවා කියලා සොයාගෙන තියෙනවා.
ඔවුන් මේ ගැන සොයාගෙන තියෙන්නේ සෑම වසරකම සහරා කාන්තාරයෙන් හමාගෙන එන ටොන් ගානක් බර දූවිලි සාගර පතුලේ තැන්පත් වී සාදන ඝන දූවිලි ස්ථර විශ්ලේෂණය කරලා. බටහිර අප්‍රිකාවේ වෙරළ තීර වලින් ලබාගත් මෙම පස් සාම්පල වලින් ඔවුන්ට සහරාවේ වසර මිලියන ගානක දේශගුණය සොයාගැනීමට හැකි වූ අතර දූවිලි අංශු වල කාල නිර්ණය කිරීමෙන සෑම වසර 20000කට වරක්ම සහරා කාන්තාරය වියළි සහ තෙත් දේශගුණයක් අතර දෝලනය වන බව සොයාගනු ලබුවා. මේ විද්‍යාඥයින් විශ්වාස කරන්නේ තවත් වසර 10000කට පසු මේ සහරා කාන්තාරය නැවතත් තෙත් කලාපයක් බවට පත්වීමට නියමිත බවයි.

