මේ ප්‍රශ්නය නිතරම වගේ අපිට අසන්නට ලැබෙනවා. සමහරු මේ පින්තූර සංස්කරණය කරපු අසත්‍ය ජායාරුප ලෙසත් සදහන් කරනවා. නමුත් නාසා ආයතනයෙන් ලබා දී තිබෙන පින්තූර වල සත්‍යතාවයක් තිබෙනවා.
ඉතින් ඇත්තටම කොහොමද මෙහෙම පින්තුර ලබාගන්නේ. මේ රෝවරයේ ඉදිරිපස ඇති රොබෝ Arm එකේ කෙලවර කැමරාවක් සමබන්ධ කර තිබෙනවා. ඉතින් මේ රොබෝ Arm එක යම්කිසි ප්‍රමාණයක් ඉදිරියට හා පසුපසට දිගහැරීමට හැකි පරිදියි නිර්මාණය කර තිබෙන්නේ. මේ නිසා මේ කැමරාවත් සමග රොබෝ Arm එක ඉදිරියට දිගු කිරීමට පුළුවන්. ඉතින් කැමරාව රෝවරය දෙසට යොමු කරන විටදී රෝවරයත් පෙනෙන ආකාරයට නැතිනම් සෙල්ෆි ජායාරුපයක් සේ පින්තුර ලබාගැනීමට මෙම කැමරාවට හැකියාව තිබෙනවා.
මේ කැමරාව විද්‍යාඥයින් හදුන්වන්නේ "Watson" කැමරා ලෙසින්. ඒ වගේම මේ කැමරාව නිර්මාණය කර තිබෙන්නේ සෙල්ෆි ජායාරූප ගැනීමටම පමණක් නොවේ. මෙය නිර්මාණය කරපු ප්‍රධාන අරමුණ තමයි ඉතා පැහැදිලි ලෙසින් අගහරු පාෂාණ මතට ලංවී එම පාෂණ වල සමීප පින්තූර ගැනීම සහ ඒවා Analyze කිරීම සදහායි.
from Science Lab https://ift.tt/NKjtayh
via IFTTT

