සිරි සංඝබෝධි රජුව මතක් කරාම ඔයාටත් අනිවාර්යයෙන් එයාගේ බෝධිසත්ව ගුණය මතක් වෙන්න ඇති.ලම්භකර්ණ වංශයට අයත් වුනු මොහුගේ රාජ්‍ය කාලයේ අපේ රටට ගොඩක් විපත් ගෙන ආපු කාලයක්. මේ විපත් අතරින් එකක් විදිහට රක්තාක්ෂ උවදුර ප්‍රචලිතයි. රක්තාක්ෂ උවදුර ගැන එළුඅත්තනගලු වංශයේ කියවෙන්නේ මෙසේ ය.
"පුරාතන අකුශල කර්මයෙන් කුක්ෂි නැමැති මහ සැල බරින් මඬ්නා ලදින් වක්‍රවූ මහත් දඟ මඬුලු දෙකක් ඇති, ජල සහිත මහා මේඝ කූඨයක් බඳු වූ රුදුරු වූ භයංකර වූ ශරීරයක් ඇති, වක්ව කඨින වූ හෙවත් දැඩි වූ දළ කෙලවරින් ඩහනා ලද කෙහෙලස්තල ඇති බාලාර්ක මණ්ඩලයකට බඳු වූ රක්තවර්ණ වූ බලන්නවුන්ට භය එලවන්න වූ මහත් වූ ඇස් සඟලක් ඇති, මනුශ්‍ය මාංශ භක්ෂනයෙහි දක්ෂ වූ රක්තාක්ෂ රාක්ෂ නම්වූ යක්ෂයෙක් මේ ලක්දිවට පැමිණියේය"
කෙටියෙන් ම කීවොත් මිනීමස් කන රාක්ෂයෙක්.ඉතින් මේකාගේ රතු ඇස් දකින දකින අයගේ ඇස් රතුවෙලා උණ ගැනිලා උණවිකාරයෙන් මරණයට පත් වෙනවා.ලෙඩේ හැදුණ අයගේ රතු ඇස් දැක්කමත් මේ සිද්ධියම වුනා. ඕන් ඔය අස්සේ මේ උවදුරෙන් මිනිස්සු ගලවා ගන්න සිරිසගබෝ රජු යක්ෂ උවදුර එයාගේ සීල බලයෙන් නවත්තන්නට සමත් වුණාලු.මහාපරිමාණ ව පැතිරුණු පළමු වසංගතය විදිහටත් මේ රක්තාක්ෂ උවදුර හදුන්වන්න පුලුවන්.
මට ගොඩක් ම අවශ්‍ය වුනේ මේ රක්තාක්ෂ උවදුරේ විද්‍යාත්මක පදනම දැනගන්න.මේවා ගැන හොද දැනුමක් තියෙන සමීප මිතුරෙක් කීවේ මේ රෝග ලක්ෂණ අනුව virus රෝග තත්ත්වයක් කියලා.සාමාන්‍යයෙන් මේ ඇස් රතු වීම madras eye / pink eye කියන හදුන්වන viral conjuctivitis කියන රෝගි තත්ත්වයයි.මේ තත්ත්වයක වෙන්නේ ඇස්වල ලේ පිරිලා තද රෝස පැහැය සිට රතු පැහැයට ඇස් දෙක ලක් වෙනවා.රුබෙල්ලා වයිරස් , හර්පීස් වයිරස් කාණ්ඩල රෝග ලක්ෂණත් සමාන වුනත් වංශ කතාවල මේ වයිරස්වල වෙනත් ලක්ෂණ සදහන් වෙන්නෙ නෑ.ඒ හින්දා pink eye ඇති වීමට බලපාන්න ඇත්තේ ඇඩිනෝවයිරස් කාණ්ඩයේ වයිරසයක්.මොක ද වංශ කතාවල ලක්ෂණයි ඇඩිනෝවයිරස් කාණ්ඩයේ ලක්ෂණයි ගොඩක් දුරට සමාන වෙනවා.
රක්තාක්ෂ උවදුරේ විද්‍යාත්මක පදනම එසේ වෙද්දී සංඝබෝධි රජු සීලබලයෙන් ඒක නැති කරේ කොහොමද කියන එකත් ඉතුරු වෙනවා.

