වැලැන්ටයින් දිනය සැමරීම සඳහා සිය පෙම්වතියට මත්ද්‍රව්‍ය කලවම් කළ චොකලට් එකක් ලබා දී මිතුරන් දෙදෙනෙකු සමග එක්ව ඇයව දූෂණය කළ පුවතක් කිළිනොච්චිය - පූනරින් ප්‍රදේශයෙන් වාර්තා කරනවා.
14 හැවිරිදි පෙම්වතියව 17 හැවිරිදි පෙම්වතා විසින් කැඳවා අදාල චොක්ලට් වර්ගය ලබා දී ඇය සිහි මූර්ජා වීමෙන් අනතුරුව සිය මිතුරන් දෙදෙනෙකු ද සමඟ එක්ව දූෂණය කළ බවටයි වාර්තා වන්නේ.
දූෂණයට ලක් වූ තැනැත්තියගේ පෙම්වතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු මෙන් ම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නියැලෙන්නෙකු බවට ද සඳහන් වනවා.
ඔහු සමග එක්ව අදාල තරුණියව දූෂණය කොට ඇති අනෙක් තරුණයින් දෙදෙනා ද ප්‍රධාන සැකකරු සමඟ එකට මත්ද්‍රව්‍ය භාවිත කරන අය බවයි විමර්ශන වලදී හෙළි වී ඇත්තේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පුනරීන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් විමර්ශන පවත්වනු ලබයි.

