Loading..

කාලයාත්‍රිකයාගේ දිනපොතින් 2 වැලන්ටයින්වල කථන්දරේ 2


 කාලයාත්‍රිකයාගේ දිනපොතින් 2

වැලන්ටයින්වල කථන්දරේ 2

කලින් කොටසේ ලුපර්කාලියා උත්සවයේ චාරිත්‍රානුකූල වතාවත් ටික ගැන මන් කීවනේ.

මේ චාරිත්‍ර ටිකෙන් පස්සේ රෝමය තනි සැනකෙලියක් බවට පත්වෙනවා.

විශේෂයෙන්ම එලුමස්වලින් හදන විවිධ රසවත් කෑමවල සුවඳ නගරේ පුරාම පැතිරෙමිනුයි තිබුණේ.මේ අතරේ නගරමධ්‍යයේ අපුරු වැඩක් වෙමින් තිබ්බා.

නගරේ ඔක්කොම හරි කලවයසේ තනිකඩ  කෙල්ලෝ තමන්ගේ නම් කොළයක ලියලා ලොකු බන්දේසියකට දාමින් උන්නා.

ඊටපස්සේ නගරේ තනිකඩ කොලුවෝ ටික එකා එකා මේ බන්දේසියෙන් රැන්ඩම් කොළයක් ගන්නවා.

ඒ තෝරගන්න කොළේ තියෙන නම තියෙන කෙල්ල එක්ක ඒ කොල්ලා එදා දවසේ කපල් වෙනවා.

මේ කපල් එක එකතුවෙලා තමා ලුපර්කාලියා සැමරුමේ ඉතුරු ටිකේ ආතල් එක  ගත්තේ.ඉතින් පෙබරවාරි 14 රෑ තනිකරම රෝමෙට sex festival එකක් වුණා.

මෙහෙම ලිංගිකව හැසිරීම සශ්‍රීකත්වය  මූලික කරගත් සිරිතක් විදිහටයි ක්‍රියාත්මක වුණේ.

නිසිකලවයසේ ඉන්න මොකෙක්වත් එදා තනිකඩව නම් උන්නේ නෑ ඔක්කොටම එදා චාන්ස් එකක් ලැබුණා.



أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...