Loading..

මෝර පරම්පරාව කොච්චර පරණයිද කියලා දන්නවද...?


 මෝර පරම්පරාව කොච්චර පරණයිද කියලා දන්නවද...?🦈


"ජීවිත කාලය තුල මෝරෙකුට දත් 24,000 ක් පමණ හිමි වේ. ශරීරයේ ඇටකටු නැති අතර ශරීරයේ සැකිල්ල නිර්මාණය වී ඇත්තේ කාටිලේජ වලිනි."

මෑතකදී සයිබීරියාවෙන් සොයාගත් පොසිල මගින් සොයාගෙන ඇත්තේ මෝර පරම්පරාව ආරම්භ වෙලා තියෙන්නේ "සිලූරියන්" යුගයේ දී බවයි. ඒ කියන්නේ මෝරු අවම වශයෙන් වසර මිලියන 420 ක පමණ සිට පැවතගෙන එන සත්ත්ව කොට්ඨාසයක්. මෝරු ගැන කියනවනම් “big five” හෙවත් "මහා වඳවීම්" පහෙන් බේරී තවමත් පැවතෙමින් පවතින එකම ජීවී විශේෂයයි. ඒ කියන්නේ උන් මනුෂ්‍යන්ට වඩා පැරණි, එවරස්ට් කන්දට වඩා පැරණි, ඩයිනෝසෝරයන්ට වඩා පැරණි, ගස්වලට වඩා පැරණි ජීවීන් වර්ගයකි. මේකට හේතුව තමයි මෝරුන්ට විවිධ ස්භාවික පාරිසරික තත්ව යටතේ හැඩ ගැසීමට ඇති විශේෂ හැකියාව නිසයි. පසුගිය වසර තුළ විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත්තේ, දිය යට ගිනිකඳු ආශ්‍රිතව පවා ජීවත් වීමට හැකි බව සොයාගෙන ඇත. නමුත් සියලුම ස්වභාවික තත්ව වලට හැඩ ගැසුනත්, විවිධ මිනිස් ක්‍රියාකාරකම් හමුවේ දැන් මෝරුන් වඳවීයාමේ තර්ජනයට ලක්වෙමින් පවතින බව ලෝකය පුරා වාර්තවෙමින් පවති.😢

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...