මේ දිනවල අහසේ ඉතාම දුර්ලභ වල්ගාතරුවක් දිස්වෙයි. මේ වල්ගාතරුව C/2022 E3 ලෙසින් හඳුන්වයි.☄️
මෙහි විශේෂත්වය නම් මෙම වල්ගාතරුව පෘථිවිය වෙත පැමිණෙන්නේ වසර 50000 කට පසුව වීමයි. එනම් මීට පෙර එය පෘථිවියට දර්ශනය වන විට නියන්ඩතාල් මානවයන් පවා පෘථිවියේ සැරිසරා ඇත.
මෙම වල්ගාතරුව කොළ පැහැයෙන් දිස්වෙයි. එමනිසා එය GREEN COMET යනුවෙන්ද හඳුන්වයි. මෙම වල්ගාතරුවේ ඇති ද්විපරමාණුක කාබන් මෙම කොළ පැහැයට හේතු වන බවට විද්‍යාඥයන් විශ්වාස කරයි.
මෙයට ඉතා විශාල කක්ෂයක් ඇත. මෙම වල්ගාතරුව මේ වසරේ ජනවාරි 12 වන දින එහි ගමන් පථයේ සූර්යයාට ආසන්නම ස්ථානය පසුකරනු ලැබුවා. නමුත් මෙය පෘථිවියට ආසන්න වනුයේ පෙබරවාරි 1 වන දිනයි. පෙබරවාරි මස මුල් දින කිහිපයේ රාත්‍රී 8 ට පමණ අහසේ උතුරු දෙසින් දිස්වන මෙම වල්ගාතරුව පියවි ඇසට නැරඹීම තරමක් දුෂ්කර වීමට ඉඩ ඇති අතර දුර දක්නයකින් හෝ දුරේක්ෂයක් ආධාරයෙන් දැකගත හැක.
- Alone -

