Loading..

කොළ පැහැයට නිරාවරණය වුනාම වේදනාව අඩු වෙනව ද ?

 

💚 කොළ පැහැයට නිරාවරණය වුනාම වේදනාව අඩු වෙනව ද ?

කොළ කියන්නේ cyan වර්ණය හා කහ වර්ණය අතර ඇති වර්ණයයි. කොළ පැහැය  දළ වශයෙන් 495-570 nm ප්‍රමුඛ තරංග ආයාමයක් ඇති ආලෝකයෙන් උද්දීපනය වෙනවා. කොළ පැහැය ගොඩක් සමීප වෙන්නේ මේ සොබාදහම නිසායි. ශාක ප්‍රභාසංස්ලේෂණය කර හිරු එළිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරන රසායනිකය වන ක්ලෝරෝෆිල් නිසා නේ ඒක වෙන්නේ.ඊට අමතරව රූපවාහිනි තිරවල තියෙන ප්‍රාථමික වර්ණ වන RGB colours වලින් එකක් තමා කොළ පැහැය කියන්නේ.

🫠 කොළ පැහැය වේදනාව අඩු කිරීමට සමත් වුනත් ඒකට හරි හේතුවක් හොයා ගැනීමට මෑතක් වනතුරු ම අසමත් වුනා.කොළ පැහැය බැලුවාම ඔය ආතරයිටිස් , migraine,fibromyalgia වගේ රෝග තිබ්බ අය ගේ වේදනාව සමනය වීමට සාක්ෂි දරලා තියෙනවා.මේ  හේතුව අභිරහසක් නොකර ලෝකය දැනුවත් කිරීමට චීන පර්‍යේෂකයන් සමත් වුනා.

මේ අධ්‍යනය කරේ මීයන් මගින්.ඒකේ දි විවිධ ආලෝක මීයන්ට ග්‍රහණය කරන්න දුන්නා.ඒකේ දී හරිත ආලෝකය යොමු කරන කොට ගැමා- ඇමිනොබියුට්‍රික් අම්ලය වඩාත් ත්‍රීව්‍ර වුනා. එතකොට PENK නමින් හදුන්වන සමාන ප්‍රෝටීනය ඔපියොයිඩ් ප්‍රතිග්‍රාහක සක්‍රීය කරලා වේදනාව සහනය කිරීමට මග පාදනවා.

🖊️ Janiru Ransith

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...