ඔබ දන්නවාද?
වෙලදසැල් වලින් මිලදී ගන්නා වතුර බෝතල්වල පතුල පැතලිව තිබෙන්නේත්, සිසිල් බීම බෝතල් වල පතුල පැතලි නොවී ගැටිති ආකාරයෙන් නිමකර තිබෙන්නේත් අලංකාරය සදහා නොවේ.
සිසිල් බීම බෝතල් වලට පීඩනයක් යටතේ වායු මිශ්‍ර කරන බැවින් පැතලි අඩියක් සහිත බෝතල් වලට එම පීඩනයට ඔරොත්තු දීමට හැකියාව ලැබෙන්නේ නැහැ.
නමුත් වක්‍ර බව වැඩිකර නිමවා තිබෙන විශේෂිත බෝතල් වලට බෝතලය තුල තිබෙන පීඩනය දරාගෙන බෝතලය පිටතට ඉදිමීම වැලැක්වීමට හැකියාව ලැබෙනවා. නමුත් සාමාන්‍ය ජලයේ මෙවැනි පීඩනයක් නොමැති වෙන නිසා ඒවාට පතුල පැතලිව තිබෙන බෝතල් පමනක් ප්‍රමානවත් වේ.😲

