Loading..

ජයිගැන්ටෝසෝරස්


ජයිගැන්ටෝසෝරස්

මාංශභක්ෂක විලෝපීය ඩයිනසෝරයන් අතරින් නපුරුම මෙන්ම බිහිසුණුම ඩයිනසෝරයා යැයි පොසිල විද්‍යාඥයන් විසින් හදුන්වා දෙන්නේ ජයිගැන්ටෝසෝරස්ය.

අනෙක් මාංශභක්ෂක විලෝපීය  ඩයිනසෝරයන් සිව්දෙනා පරදා නපුරුම ඩයිනසෝරයා ලෙස මෙම සත්වයා සැලකිය හැකි බව පොසිල සාක්ෂි වලින් අනාවරණය වී ඇත.

මේ සත්වයා ඌට වඩා සත් ගුණයක් විශාල ටොන් අනූවක් බර ඇති ටයිටැනසෝර් නැමැති ශාකභක්ෂක පාද හතරෙන් ගමන් කළ දැවැන්ත ඩයිනසෝරයන් ගොදුරු කර ගත් බවට ද සාක්ෂි හමුවී ඇත.

ජයිගැන්ටෝසෝරස් පොසිල අස්ථි හමුවී ඇත්තේ  ආජන්ටිනාවෙනි. ජයිගැන්ටෝසෝරස් ' දකුණේ විසූ උරගයා' යනුවෙන් ද හැදින්වෙයි. උස මීටර් 5 ක් හෝ 6 කි.

දිග මීටර් 13 ත් 15 ත් අතර. බර ටොන් 6 ත් 10 ත් අතර. මෙතෙක්  හමු වී ඇති දැවැන්තම මාංශභක්ෂක ඩයිනසෝරයා වන්නේ ද මේ සත්වයාය.

මුලින්ම ජයිගැන්ටෝසෝරස් පොසිල අස්ථි සොයා ගත්තේ පොසිල විද්‍යාඥයන් රොඩොල්ෆෝ කොරියා සහ ලියනාඩො සැල්ගඩෝය.

ඒ, 1995 වසරේදීය බිහිසුණු යෝධ උරගයකු වීම නිසා ඔවුහු මේ සත්වයා ජයිගැන්ටෝසෝරස් කරොලිනී යනුවෙන් නම් කළහ.


Previous Next

Top Post Ad


නවතම ලිපි...