Loading..

මොලයේ මෙනින්ජීය පටල ස්ථර කීය ද ? කීවොත් හැමෝම කියන්නේ 3 යි කියලා ද?


 🥴 මොලයේ මෙනින්ජීය පටල ස්ථර කීය ද කීවොත් හැමෝම කියන්නේ 3 යි කියලා...


ඒත් ඇමෙරිකාවේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලය හා ඩෙන්මාර්කයේ කොපන්හේගන් විශ්වවිද්‍යාලය එක්ව කළ ඒකාබද්ධ පරීක්ෂණයකින් අනතුරුව මොළයේ මෙනින්ජීය පටල ත්‍රිත්වයට අමතරව මෙතෙක් හොයා ගත්ත නැති තවත් ආවරණයක් තියෙනවා කියලා හොයා ගත්තා.

අපේ හිස්කබලේ මොළය සහ අස්ථිය අතර මොළයේ ආරක්ෂාවට හේතුවන බාහිර ඉදන් අභ්‍යන්තරයට පිහිටන පිළිවෙල කිවොත් වරාශිකාව ( Dura matter ) , ජාලාකාර පටලය (  arachnoid matter ) සහ චීනාංශුකාව ( pia matter ) යන පටලයි. ඉතින් මේ පටල 3 න් ජාලාකාර පටලය හා චීනාංශුකාව අතර පවතින ඝනකම් පටලය SLYM ( Subarachnoid LYmphatic like Membrane ) ලෙස නම් කරා. මේකේ කෘත්‍ය වෙන්නේ මොළයේ පරිවෘත්තිය අපද්‍රව්‍ය මිශ්‍රිත මස්තිෂ්ක සුෂුම්නා තරලය අලුතෙන් නිපදවෙන මස්තිෂ්ක සුෂුම්නා තරලය සමග මිශ්‍ර විම වළක්වන බව හොයා ගෙන තියෙනවා...

👀 බයෝ සිලබස් එකේ වෙනසක් කරන්න ඕනි කාලේ ඇවිත්
...

🖊 Janiru Ransith

 ලෝකයේ විශ්මිත මෙන්ම මෙවෙනි විද්‍යාත්මක තොරතුරු සොයා යන්න එක්වන්න අප සමූහය සමඟ,

       

      

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...