Loading..

අමුතු ආශාවන් තිබූ ලෝ ප්‍රකට රැජිණියෝ -2


          
(න්)සින්ගා රැජිණ (1583 – 1663)
වර්තමානයේ ඇන්ගෝලාව නමින් හැඳින්වෙන රාජ්‍යය පාලනය කළ මෙම රැජිණ පෘතුගීසි ආක්‍රමණයන්ගෙන් සිය දේශය බේරා ගැනීමට කටයුතු කළ රැජිණක්. ඇගේ පාලන කාලය තුළ වසර හතළිහක් මුළුල්ලේම පෘතුගීසීන් හට තම දේශ සීමාවට ඇතුල් වීමට ඉඩ නොදී සිටීමට ඈ සමත් වුණා. ඇය සතු නොසිඳෙන ආශාව වූයේ පුරුෂ සේවනයයි.

මේ සඳහා ඇයටම වෙන්වුනු “පුරුෂ අන්තඃපුරයක්”ද තිබී ඇති බවයි ඉතිහාසය පවසන්නේ.    

කෙසේ වෙතත්, දිනපතා රාත්‍රියේ අන්තඃපුරය තුළ ඇවිද ගොස් තමාට අවශ්‍ය පුරුෂයා තෝරා ගැනීමට මැලි වූ ඇය ඒ වෙනුවට කළේ දිනපතා රාත්‍රියට අන්තඃපුරයේ පුරුෂයින් දෙදෙනෙකු ගෙන ඉන් එක් පුරුෂයකු මිය යන තෙක් දෙදෙනාට සටන් වැදීමට අණ කිරීමයි.

සටනින් ජය ලබන්නා සමග රාත්‍රියේ යහන් ගත වන (න්)සින්ගා රැජිණ පසු දින උදෑසන ඔහුවද මරා දමනු ලැබුවා. වයස අවුරුදු 75ක් පමණ වනතුරුම මෙම පුරුද්දෙහි නියැළුනු ඇය ඉන් අනතුරුව තම අන්තඃපුරයේ සිටි බාලම “බිරියක” හා විවාහ වුණා.


e-Library ceylon community™  

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...