Loading..

​අමුතු ආශාවන් තිබූ ලෝ ප්‍රකට රැජිණියෝ - 01

 


ඇතැම් රජවරුන්ට ආවේණික පුරුදු හෝ විශේෂ චරිත ලක්ෂණ ඔබ අසා ඇති.

නමුත් ඉතිහාසයේ විසූ අමුතුම රැජිණියන් පිළිබඳව ඔබ අසා තිබෙනවාද? මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එවැනි රැජිණියන් කිහිප දෙනෙක් පිළිබඳව තොරතුරුයි.

වික්ටෝරියා රැජිණ (1819 – 1901)
බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිණිය නම් විවිධ ආශාවන් සහ පුරුදු තිබූ තැනැත්තියක්. තම පවුලේ කෙනෙකු මියගිය විට ඉතා දීර්ඝ කාලීන ශෝක සමයන් නම් කරන්න ඇය පෙළඹී සිටි බවයි කියැවෙන්නේ.

රැජිණගේ මාමා කෙනෙකු මියගියත් වසරක පමණ ශෝක කාලයක් පැණවීමට ඈ කටයුතු කොට තිබෙනවා.එපමණක්ද නොවෙයි, වික්ටෝරියා රැජිණ එකල නීති විරෝධී නොවූ කොකේන් සහ ඕපියම් වැනි මත්ද්‍රව්‍ය ලබා ගැනීමටත් ඇබ්බැහියක් දක්වා තිබෙනවා.

ඇය භාවිතා කිරීමට ඇබ්බැහි වී සිටි තවත් එක් ද්‍රව්‍යයක් වන්නේ ක්ලෝරෆෝමුයි. සිය සත්වන දරුවා බිහි කිරීමේදි තමාට ලබා දෙන ලද ක්ලෝරෆෝම් වල සුවඳ ප්‍රිය කළ වික්ටෝරියා රැජිණ ඇගේ මීළඟ දරු උපත් වලදීද ක්ලෝරෆෝම් ලබාදෙන ලෙස අණ කොට තිබෙනවා.  
 
 කැතරින් රැජිණ (1729 – 1796) රුසියාව පාලනය කළ රැජිනක් වන මැයද ලිංගික සේවනය සඳහා විටින් විට විවිධ පුරුෂයින් ආශ්‍රය කළ තැනැත්තියක්.

තමා ප්‍රිය කරන පුරුෂයකු සමග මද දිනක් ගත කිරීමෙන් අනතුරුව තවත් පුරුෂයකු සේවනයට ගැනීමට ඈ පුරුදුව සිට තිබෙනවා.


නමුත් රාජ්‍ය පාලන කටයුතු සමග කාලය ගත කිරීමට සිදුවන නිසා තමා යහන්ගත වීමට තෝරා ගන්නා පුරුෂයින් වෙත තමා සැබවින්ම ඇල්මක් දක්වාවිද යන්න සොයාබලන්නට කැතරින් රැජිණට කාලය තිබුණේ නෑ.

මේ නිසා, තමන් වෙනුවෙන් නිදි වැදීමට සුදුසු පුද්ගලයින් තෝරා දීම පිණිස ඉදිරිපත් වී ඇත්තේ බෲස් සිටුවරිය නැමති ඇගේ මිතුරියයි.

සිටුවරිය විසින් රැජිණ ප්‍රිය කරන පුද්ගලයින් සමග යහන්ගත වීමෙන් අනතුරුව ඔවුන් රැජිණගේ කෙටි කාලීන පෙම්වතුන් වීමට සුදුසුදැයි තීරණය කරනු ලැබ තිබෙනවා.

කැතරින් රැජිණ මිය ගියේද අශ්වයෙකු සමග සංසර්ගයෙහි යෙදීමට තැත් කිරීමේදී අශ්වයාගේ පා පහරක් කෑමෙන් යැයි මතයක් පැවතුනද, ඇය සැබවින්ම මිය ගියේ මහළු වියේදී රෝගාතුර වීමෙනුයි. මෙම පුරාවෘත්තය ඇතැම් විට කැතරින් රැජිණියගේ ඇවතුම් පැවතුම් උපහාසයට ලක් කිරීම පිණිස ගෙතූවක් විය හැකියි.

© e-Library ceylon community™ 

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...