Loading..

ජොනතන් කියන්නේ සීශෙල්ස් යෝධ ඉදිබු (Seychelles giant tortoise- Aldabrachelys gigantea hololissa) විශේෂයට අයිති ඉබ්බෙක්.

 

මේ ඉන්නේ ජොනතන්.

ජොනතන් කියන්නේ සීශෙල්ස් යෝධ ඉදිබු (Seychelles giant tortoise-
Aldabrachelys gigantea hololissa) විශේෂයට අයිති ඉබ්බෙක්.

මෙයා ඉපදෙන්නෙ 1832 වසරේ ඉන්දියන් සාගරයේ සීෂෙල්ස් දූපතේ..මෙයා ඇතුළු තව ඉබ්බෝ තුන්දෙනෙක්ව 1882දී  දකුණු අත්ලාන්තික් සාගරයේ ශාන්ත හෙලේනා දූපතට එහෙ ආණ්ඩුකාරයාට ලබාදෙන්න අරන් යනවා.

අදටත් ශාන්ත හෙලේනා දූපතේ ආණ්ඩුකාර නිවසේ වාසය කරන මෙයාගේ වයස අවුරුදු 190ක්!මේ වෙද්දිනම් මෙයාගේ ඇහේ සුද ඇවිල්ලා මෙයා අන්ධවෙලයි ඉන්නේ. 🐢

2022 වසරේදී ගිනස් වාර්තා කමිටුව මඟින් ලොව මෙතෙක් වාර්තාවූ වයස්ගතම ඉබ්බා ලෙස  මෙයාව නම්කොට තියෙනවා.

කෙසේවෙතත් 2006 දී කොල්කටාවේ අලිපෝර්(alipore) සත්තුවත්තේ ඉඳලා මියගිය අද්වයිටා (adwaita) කියන යෝධ ඇල්ඩබ්‍රා ඉදිබුවා (giant aldabra tortoise- Aldabrachelys gigantea ) වසර 255ක් ජීවත්වූවෙක් ලෙස සැලකුණත් ඒ සම්බන්ධව සාක්ෂි වාර්තා අවම නිසා ඌව කමිටුව විසින් නොසලකා හරිනු ලැබුවා.


Kavitha Kalpana 🐾️


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...