Loading..

වසර දහස් ගණනක් තිස්සේ සයිබීරියානු නිත්‍ය තුහින වල ශීත වෙමින් පැවති සොම්බි වෛරස් වර්ග හතක් නැවත පණ ගැන්වීමට විද්‍යාඥයන් පිරිසක් කටයුතු කර තිබෙනවා

 

☢️ JUST IN: Scientists revive 48,500 year old “zombie virus” buried in ice 😳‼️

වසර දහස් ගණනක් තිස්සේ සයිබීරියානු නිත්‍ය තුහින වල ශීත වෙමින් පැවති සොම්බි වෛරස් වර්ග හතක් නැවත පණ ගැන්වීමට විද්‍යාඥයන් පිරිසක් කටයුතු කර තිබෙනවා.  මින් වයසින් බාලතම වෛරසය වසර 27,000 ක් ශීත වෙමින් පැවතී ඇති අතර පැරණිතම වෛරසය වසර 48,500 ක් තිස්සේ අයිස් මත සැඟවී සිට තිබෙනවා. ඒඅනුව එම වෛරසය මෙතෙක් නැවත පණ ගැන්වූ ලොව පැරණිතම වෛරසය බවට පත් වනු ඇතියි.

ආරංචි මාර්ග වාර්තා කරන විදිහට මේ වන විට නැවත පණ ගැන්වූ එම වෛරස වර්ග සොයා ගත් විද්‍යාගාරය දැඩි රැකවරණයක් ලබා දෙමින් අධි ආරක්ෂිත කලාපයක් බවටත් පත් කරලා තියෙනවා.

සදාකාලිකවම ශීත වෙමින් සැඟවී තිබුණු වෛරස වලට කාරක වන පෘථිවියේ අඩංගු රසායනික ද්‍රව්‍ය සහ බැක්ටීරියා අයිස් දියවීමත් සමඟම පරිසරයට මුදා හැරෙමින් පවතිනවා.

මෙවැනි දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ලොව පැරණිතම වෛරස ඉදිරියේදීත් පරිසරයට නිකුත් වීමේ වැඩි හැකියාවක් ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ..

සැ.යු. වසර 48,500 ක් පැරණි නිසාම මේ වෛරසය හඳුන්වන්නෙ සොම්බි වෛරසයක් විදිහට.ඒ අනුව ප්‍රධාන වශයෙන් මේ වෛරසය ඇමීබාවන්ට ආසාදනය වන බවට මේ වෙද්දි තහවුරු වෙලා තියෙනවා. කොහොම නමුත් මේ සොම්බි වෛරස ප්‍රභේද 7 මිනිසුන්ට ආසාධනය වේවිද නැද්ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක්.

(Source : New Scientist )



أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...