GLIESE 1214 B යනු GLIESE 1214 තාරකාව වටා කක්ෂගත ග්‍රහලෝකයකි.
පෘථිවියේ සිට ආලෝකය වර්ෂ 47 ක තරම් දුරින් පිහිටි මෙහි විශේෂත්වය වන්නේ මෙය ගොඩබිමක් නොමැති සම්පුර්ණයෙන්ම ජලයෙන් පිරුණු ග්‍රහලෝකයක්,නැතිනම් සාගර ග්‍රහලෝකයක් වීමයි.
නමුත් මෙම ග්‍රහලෝකයෙහි අධික උෂ්ණත්වයක් හා අධි පීඩනයක් පෙන්නුම් කරයි.
එවන් අවස්තාවක ජලය මතුපිටින් ද්‍රවයක් ලෙස පැවතිය නොහැක.
එබැවින් එහි සාගරය මාරාන්තික ස්ථානයක් ගන්නා බවත් පෘථිවි ජීවය හා සමාන ජීවයක්,GLIESE 1214B මතුපිට පැවතිය නොහැකි බවත් විද්‍යාඥයන් ගේ මතයයි.

