Loading..

ඉතාමත් ඇබ්බැහි වන සුළු භයානක මත්ද්‍රව්‍යයක් වන අයිස්


 ඉතාමත් ඇබ්බැහි වන සුළු භයානක මත්ද්‍රව්‍යයක් වන අයිස්



මේ වන විට ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් අතර වේගයෙන් ව්‍යාප්ත වන මත් ද්‍රව්‍යයක් තමයි අයිස් කියන්නෙ. අපි ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ “අයිස්” කියන්නෙ කියලා.

අයිස් (Crystal Meth) යනු මෙතම්ෆෙටමින් (methamphetamine) ඖෂධවල ඇම්ෆෙටමින් පවුලේ සාමාජිකයෙකි. ඖෂධයක් ලෙස මෙය හැඳින්වුවද , නිස්කාරණේ භාවිතා කිරීම ඉතාමත් හානිදායක වන අතර ඉතා ඇබ්බැහිවනසුළු මෙන්ම නිදන්ගත ශාරීරික හා මානසික සෞඛ්‍ය ගැටලු සමඟ සම්බන්ධ වේ.

අයිස් මත්ද්‍රව්‍යය, මධ්‍යම ස්නායු පද්ධතියේ  (CNS) උත්තේජකයකි. එය ඉහළ මට්ටමේ ඩොපමයින් (ප්‍රීතිය සහ ආස්වාදය උදෙසා මොළයෙන් නිකුත් කරන රසායනික ද්‍රව්‍යයක්) මුදා හැරීමට හේතු වේ. එය , අනෙකුත් මෙතම්ෆෙටමින් වර්ගයේ ඖෂධ වලට වඩා බලවත් ය. මේ හේතූන් නිසා මෙම මත්ද්‍රව්‍යය එක් වරක් පරිභෝජනය කළත් ඇබ්බැහි වීම සඳහා එය ප්‍රමාණවත් වේ.

මෙයට අයිස් ලෙස හැඳින්වීමට හේතුව වන්නේ එය අයිස් මෙන් පෙනෙන කුඩා ස්ඵටික ලෙස හෝ සුදු-දුඹුරු, පළිඟු වැනි කැට ලෙස පැමිණීමයි. එයට දැඩි සුවඳක් සහ කටුක රසයක් ඇත. එය එන්නත් කිරීම, දුම් පානය කිරීම හෝ ගිල දැමීම මඟින් ශරීරයට ඇතුළු කරගනී.


අයිස් ගැහුවම අපිට මොනවද වෙන්නෙ වගේම අයිස් අපි ළඟට එන එක එක විධි ගැන Article එකක් ඉක්මණටම දෙන්නම්.

එතකල් ඔයාල මේ ගැන දැනුවත් වෙලා යාළුවොන් වත් මේ ගැන දැනුවත් කරන්න , share කරන්න අමතක කරන්න එපා.





𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™ 
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...