ඉතිහාසයේ වඩාත් භයානක දාම ඝාතිකාවක ලෙස සැළකෙන්නේ බ්‍රිතාන්‍යයේ විසු Amelia Dyer යි.
දෙමාපියන්ට අනවශ්‍ය ළදරුවන් හා භාරකරුවන් නොමැති දරුවන් හදාවඩා ගැනීම ඇරඹු ඇය ආදායම් ලැබුවේ එම දරුවන් භාරගැනීම සඳහා ඔවුන්ගේ කව්රුන් හෝ ඇයට ලබා දුන් මුදලින්.
දරුවෙකු වෙනුවෙන් මුදල් ලබා ගත් වහාම එම දරුවන් කුසගින්නේ තැබීම, නොසළකා හැරීම හා විවිධ ක්‍රම ඔස්සේ ඇය විසින් මෙම කුඩා නොදරුවන් මරා හොර රහසේ වළලා දැමීම හෝ කැලෑ ප්‍රදේශ වලට විසි කර දැමීම ඇරඹුවා.
පුරා වසර 30ක් මෙලෙස දරුවන් 400 කට අධික ප්‍රමාණයකට මරු කැදවූ Amelia නීතියේ රැහැනට හසු වුයේ ඇය විසින් මරා දැමුණු Doris Marmon නමැති ළදැරියගේ මිනිය තේම්ස් නදියේ පාවෙමින් තිබියදී සොයා ගැනීමත් සමඟයි.ඉන් අනතුරුව Amelia Dyer එල්ලා මරණයට පත් කරනු ලැබුවා.

