zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

NvQ පාඨමාලා තොරතුරු 2 පිටුව

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 මෙහි 07වැනි මට්ටම (NVQ 7) ප්රථම උපාධි සුදුසුකමට සමාන වන හෙයින් කිසියම් ශිෂ්යයෙක් එහි 07වැනි මට්ටම (NVQ 7) සම්පූර්ණ කළහොත් ඔහුට හෝ ඇයට ඕනෑ ම පශ්චාත් උපාධි වැඩසටහනක් හැදෑරිය හැකි ය.

කිසියම් ශිෂ්යයෙකු ජාතික වෘත්තීය සුදුසුකමෙහි (NVQ) සෑම මට්ටමක් ම සම්පුර්ණ කළහොත් ඔවුන්ට අනෙක් බොහෝ ක්ෂේත්රවලට වඩා වැඩි වැටුපක් සහිතව වෘත්තීය රැකියා වෙළෙඳපොළට ඇතුළත් වීමට අවස්ථාව හිමි වේ.

ලෝකයේ බොහෝ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ ආකාරයේ වෘත්තීය නිපුණතා ලබා දීමේ ක්රම හදුන්වා දී ඇත. එබැවින් ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) බොහෝ රටවල පවතින වෘත්තීය සුදුසුකම් මනින ක්රමවලට සමාන ය. එහෙයින් ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) ගෝලීය රැකියා වෙළෙඳපොළට පිවිසීමේ ප්රධාන සුදුසුකමක් යැයි ජාතික සහ ජාත්යන්තර වශයෙන් පිළිගෙන තිබේ.

“නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්යාංශය” යටතේ ක්රියාත්මක වන “ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය” (VTA) ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ක්රියාවලිය ඉතා සාර්ථක ලෙස ක්රියාත්මක කරමින් සිටින ප්රධාන පෙළේ ආයතනයකි.
ඉහත දැක්වූ කරුණු අනුව ජාතික වෘත්තීය සුදුසුකමේ ඇති වාසි පහත පරිදි සංක්ෂිප්ත කළ හැකි ය.

01. අවම වයස් සීමාවක් තුළ වෘත්තීය සුදුසුකම් හිමි කරගත හැකි විම.

02. කිසියම් වෘත්තීයකට අදාළව නිපුණයෙකු බවට පත්විය හැකි වීම.

03. රැකියා වෙළෙඳපොළට ගැළපෙන පාඨමාලා හැදෑරිය හැකි වීම.

04. වෘත්තීය නිපුණත්වයත් සමඟ ප්රථම උපාධි සුදුසුකම ද ලැබිය හැකි වීම.

05. ජාතික වෘත්තීය සුදුසුකම හිමි අයෙකුට රැකියා වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් හා පිළිගැනීමක් හිමි වීම.

06. ජාතික වෘත්තීය සුදුසුකමට (NVQ) දේශීයව මෙන් ම විදේශීයව ද ඉහළ පිළිගැනීමක් හිමි වීම.

(මූලාශ්‍රය - ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නිල වෙබ් අඩවිය)
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!