zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පුත්‍රයෙක්ට ජීවිතයේ වටිනාකම ඉගැන්නූ පියෙක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 නමුත් හොඳින් මතක තියාගන්න මිනිස්සු තමන් දකින දේට වටිනාකම දෙන්නේ තමන්ගේ දැනුම, ආකල්ප, අත්දැකීම් සහ තමන්ගේ අවශ්‍යතාවය මත.

# ඔයාට මුලින්ම හම්බවෙච්ච කාන්තාවට මේ ගල ඕන වුනේ ඇගේ මාළු ටැංකියට දාගන්න. එයාට මැණික් පිළිබඳව දැනුමක් අවබෝධයක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. ඒක නිසා එයා මේකට ඉතාම අඩු අගයක් නියම කළා.
# කෞතුකාගාරයේ පාලකයා ට මේ ගල ගැන යම් අදහසක් තිබුණා. නමුත් ඔහුත් මැණික් පිළිබඳව හොඳටම දන්න කෙනෙක් නෙමෙයි. ඔහු හිතුවේ මේක කෞතුක වටිනාකමක් තියෙන දෙයක් කියලා. කෞතුක වටිනාකමක් තියෙන දේකට දෙන්න පුළුවන් අගය ඔහු මෙයට දුන්නා.
# අවසානයේ ගල අරගෙන ගියේ මැණික් ගැන හරියටම දන්න පුද්ගලයා ගාවට. ඔහුට මැණික් පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. ඔහු ලෝකයේ විවිධ තැන්වලින් හම්බෙච්ච මැණික් පිළිබඳ අධ්‍යයනය කරලා මැණික් වල වටිනාකම් පිළිබඳව හොඳින් දන්න කෙනෙක්. ඔහු මේ මැණික් ගල දැකපු ගමන්ම අදුනගත්තා. ඒ වගේම ඔබට ලබා දිය යුතු වටිනාකම ඔහු හරි අවබෝධයෙන් යුතුව ම තක්සේරු කලා.

ඔයාගෙ ජීවිතෙත් ඒ වගේ. වටපිටාවෙ මිනිස්සු ඔයාට දෙන වටිනාකම අනුව ඔයා ඔයාව තක්සේරු කරන්න පෙළඹෙනවා.
ඔයා ඔයාගේ වටිනාකම නොදන්න කෙනෙක් ඔයාට දෙන වටිනාකම ගැන හිතලා, ඔයාගේ වටිනාකම තීරණය කළොත්, ඔයා හැමදාම හිතයි ඔයාගේ වටිනාකම රුපියල් දෙසීයයි කියලා.
ඔයා ඉපදුනු තැන, ඉපදුනු විදිහ, දුප්පත් පොහොසත් බව, රූපය, උගත්කම මේ හැමදේම කොහොම වුණත්, ඔයාට වටිනාකමක් අනිවාර්යෙන්ම තියෙනවා. මොකද ඔයා තුළ යම් දෙයක් තියනවා. ඒක ඔයාට ම අනන්‍ය වෙච්ච දෙයක්. ඔයාගේ ඇතුලෙ තියන ඒ වටිනාකම දකින්න පුළුවන් මිනිසුන් ඔයාගේ වටේ තියාගන්න. හැම කෙනෙක්ම එහෙම ඔයාගේ වටිනාකම දකින්නේ නැහැ.
ඔයා ඔයාව විකුනන්න ඕනේ ඔයාට ගැළපෙන වෙළෙඳ පොළේ " පියා කිව්වා.

ජීවිතේ දේවල් තෝරා ගනිද්දී ඔයාට හරිම වටිනාකම ලැබෙන්නේ කොතනින්ද කියලා බලන්න. (රැකියාවක් තෝරා ගනිද්දී වුණත් ඔයාගේ තියෙන හැකියාවට, දක්ෂතාවයට වටිනාකම ලැබෙන රැකියාවක් තෝරගන්න.) සමහර අවස්ථාවලදී ඔයාට එක සැරේම හරියනම තැන හොයා ගන්න බැරි වෙයි. එහෙම වුනොත්, එකපාරටම ලැබෙන ඕන තැනක ඔයාව තියන්න යන්න එපා. ඔයාට සුදුසු, ගැලපෙන තැන ලැබෙනකල්, සුදුසු, ගැළපෙන පුද්ගලයන් ඔයාට හමුවෙනකල් පොඩ්ඩක් ඉවසලා ඉන්න.

ඒ වගේම මතක තියාගන්න ඔයාගෙනුත් සමාජයට වෙන්න ඕන දෙයක් තියෙනවා. ඔයාට හම්බවෙන අය, ඔයාගේ යාලුවෝ, නෑදෑයො, අසල්වැසියෝ මේ හැම කෙනෙක්ගෙම වටිනාකමක් තියෙනවා. ඔයාට පුළුවන් වෙන්න ඕන ඒ මිනිසුන්ගේ නියම වටිනාකම දකින්න. එයාලව අවතක්සේරු නොකරන්න. ඒ වගේම එයාලට එයාලගේ වටිනාකම තේරුම් ගන්න උදව් කරන්න.

ජීවිතයට දෙයක් ගත්තා නම්, කතාවක් අනිත් අයටත් බලන්න share කරන්න.

බාලිකා හේවගේ
(Certified Life coach)

X
Join our Whatsapp Group To get latest updates and superior service ✅

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!