zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

3I/ATLAS නිල වශයෙන් සොයා ගැනීමට පෙර රුබින් නිරීක්ෂණාගාරයේ දත්ත තුළ සැඟවී තිබූ බව හෙළිවෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

3I/ATLAS අන්තර් තාරීය ධූමකේතුව එහි නිල සොයා ගැනීමට දින කිහිපයකට පෙර සිට ම Vera C. Rubin නිරීක්ෂණාගාරයේ දත්ත අතර සැඟවී තිබූ බව පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා. මෙම ධූමකේතුව නිල වශයෙන් හඳුනාගනු ලැබුවේ 2025 ජූලි 1 වන දින ATLAS (Asteroid Terrestrial-impact Last Alert System) දුරේක්ෂ ජාලය මඟිනුයි. කෙසේ වෙතත්, වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ කොලින් ඔරියන් චැන්ඩ්ලර් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් Rubin නිරීක්ෂණාගාරයේ දත්ත පරීක්ෂා කිරීමේ දී හෙළි වී තිබෙන්නේ, ඊට දින දහයකට පෙර, එනම් 2025 ජූනි 20 වන දින නිරීක්ෂණාගාරය සක්‍රීය වීමෙන් පසු ලබාගත් ප්‍රථම පරීක්ෂණ ඡායාරූප අතර මෙම ධූමකේතුව සටහන් වී තිබූ බවයි.

මෙම දත්ත සොයා ගැනීම අසීරු වූයේ එම අවස්ථාවේ දී නිරීක්ෂණාගාරය එහි විද්‍යාත්මක වලංගුකරණ අදියරක පැවති බැවින්. එම කාල වකවානුවේ දී දත්ත ස්වයංක්‍රීය ව සැකසීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක නොවූ බැවින්, චැන්ඩ්ලර්ගේ කණ්ඩායමට මෙම දත්ත සොයා ගැනීම සඳහා විශේෂිත ක්‍රමවේදයක් සකස් කිරීමට සිදු ව තිබුණා. ඔවුන් සොයාගත් පරිදි ජූනි 21 සහ ජූලි 2 අතර කාලය තුළ තවත් නව වතාවක් මෙම වස්තුව රූපගත වී තිබූ අතර, එම ඡායාරූප මඟින් ධූමකේතුව නිල වශයෙන් සොයා ගැනීමට පෙර සිට ම සක්‍රීය ව පැවති බවත්, ඒ වටා දූවිලි හා වායු වලාවක් නිර්මාණය වී තිබූ බවත් පැහැදිලි ව පෙනෙන්නට තිබෙනවා.

සැඟව තිබූ ඡායාරූපවලින් මෙම ධූමකේතුවේ භෞතික ලක්ෂණ පිළිබඳව ද වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. එහි න්‍යෂ්ටිය කිලෝමීටරයක් පමණ පළලින් යුක්ත වන අතර, එය තත්පරයට කිලෝමීටර 61 ඉහළ වේගයකින් ගමන් කරමින් තිබූ බව ඉන් තහවුරු වනවා. මෙම අධික වේගය සහ ගමන් මඟ අනුව එය වසර බිලියන 7 සිට 12 දක්වා අතිශය පැරණි වස්තුවක් විය හැකි බවත්, බොහෝ විට එහි මව් තාරකා පද්ධතිය මේ වන විට විනාශ වී තිබීමට පවා ඉඩ ඇති බවත් විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ JUICE සහ නාසා ආයතනයේ Europa Clipper යානා මඟින් 2025 අගභාගයේ දී 3I/ATLAS ධූමකේතුව පිළිබඳ ඒකාබද්ධ නිරීක්ෂණ සිදු කෙරුණා. මෙම යානාවල ඇති විද්‍යාත්මක උපකරණ මඟින් මෙහි හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ සාමාන්‍ය ධූමකේතුවලට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් පවතින බව සොයාගෙන ඇති අතර, එය ජේම්ස් වෙබ් දුරේක්ෂය මඟින් කලින් කරන ලද නිරීක්ෂණ ද තහවුරු කරනවා. මෙම රසායනික සංයුතිය අධ්‍යයනය කිරීමෙන් 3I/ATLAS බිහි වූ සෞරග්‍රහ මණ්ඩලය අපගේ පද්ධතියට සමාන ද නැද්ද යන්න වටහා ගැනීමට විද්‍යාඥයන් උත්සාහ කරමින් සිටිනවා.

Rubin නිරීක්ෂණාගාරය සිය ඉදිරි දස වසරක මෙහෙයුම් කාලය තුළ මෙවැනි තාරකාන්තර ධූමකේතු රැසක් සොයා ගැනීමට සමත් වනු ඇතැ යි තාරකා විද්‍යාඥයන් බලාපොරොත්තු වනවා. 3I/ATLAS ධූමකේතුව නිරීක්ෂණාගාරයේ නමින් නම් කිරීමට නො හැකි වුව ද, ඉදිරියේ දී සොයාගන්නා බොහෝ වස්තූන් Rubin නිරීක්ෂණාගාරයේ නම දරනු ඇතැ යි විශ්වාස කෙරෙන්නේ ඒ අනුවයි. මීට අදාළ පර්යේෂණයේ වාර්තාව The Astrophysical Journal Letters ජර්නලයේ පසුගිය දා පළ වුණා.



from Vidusara Science Magazine https://ift.tt/Ey2ASui
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!