zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මෙතෙක් දුටු පැරැණිතම සුපර්නෝවාව

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මහා පිපුරුමෙන් වසර මිලියන 730කට පසු ව, එනම් අදින් වසර බිලියන 13කට පෙර සිදු වූ, මෙතෙක් දැක ඇති පැරණිතම සුපර්නෝවාවේ ආලෝකය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ග්‍රහණය කර ගෙන තිබෙනවා.

ප්‍රබල ගැමා කිරණ පිපිරීමක් ද සමඟින් ඇති වී ඇති මෙම සුපර්නෝවාව සලකා බැලූ විට හැඟවෙන්නේ දැවැන්ත තාරකාවක් විනාශ වී ඇති බව සහ සමහරවිට තාරකා ස්කන්ධයකින් යුත් කළු කුහරයක් (stellar-mass black hole) බිහි වී ඇති බවයි.

“පසුගිය වසර 50ක කාලය තුළ, විශ්වයේ ප්‍රථම වසර බිලියනය තුළ දී සිදු වූ බවට සැලකිය හැකි ගැමා කිරණ පිපිරීම් සොයාගෙන ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවක් පමණයි” යනුවෙන් නෙදර්ලන්තයේ රැඩ්බවුඩ් විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යාලයේ ඇන්ඩෲ ලෙවන් ප්‍රකාශයක් කරනවා. “මෙම විශේෂ සිදුවීම ඉතා දුර්ලභ මෙන් ම ඉතා උද්යෝගිමත් එකක්.”

මෙම සොයාගැනීමේ කතාව ආරම්භ වන්නේ ඉකුත් මාර්තු 14 වැනි දායි. එදින ප්‍රංශ-චීන සහයෝගීතාවයෙන් උඩුගුවනට යවා ඇති SVOM (Space-based multi-band astronomical Variable Objects Monitor) චන්ද්‍රිකාව ගැඹුරු අවකාශයේ කොතැනක හෝ සිට පැමිණි ගැමා කිරණ පිපිරීමක් අනාවරණය කළා. මිනිත්තු අනූවකට පසු ව, NASAහි Neil Gehrels Swift Observatory නිරීක්ෂණාගාරය එම සිදුවීමම X-කිරණ ඔස්සේ අනාවරණය කළ අතර, එමඟින් තාරකා විද්‍යාඥයින්ට, GRB 250314A ලෙස නම් කරන ලද මෙම ගැමා කිරණ පිපිරීම (GRB) අහසේ කොතැනක සිදු වූවා ද යන්න නිශ්චිත ව ම තීරණය කිරීමට හැකියාව ලැබුණා.

ස්විෆ්ට් මඟින් අනාවරණය කිරීමෙන් පැය එකොළහකට පසු ව, කැනරි දූපත්හි ලා පාම්මාහි පිහිටි මීටර් 2.6ක දුරේක්ෂයක් වන නෝර්ඩික් දෘශ්‍ය දුරේක්ෂය, මිය යන තාරකාවෙන් පිට කරන ලද ද්‍රව්‍යය තාරකාව වටා වූ වායුවට ගැටීමෙන් ඇති වූ, එම ගැමා කිරණ පිපිරීමේ පසු-දීප්තියේ දුර්වල ආලෝකයේ රශ්මිය අනාවරණය කරගැනීමට සමත් වුණා. අවසාන වශයෙන්, ඉන් පැය හතරකට පසු ව, චිලී රාජ්‍යෙය් පිහිටි Very Large Telescope දුරේක්ෂය ද මෙම ක්‍රියාවලියට එක් වූ අතර, එම ගැමා පිපුරුමෙන් පසු දීප්තියේ රතුපරාරෝපණය (redshift) 7.3 ක් බව තහවුරු කළා. මෙයින් අදහස් වන්නේ අප දකින්නේ වසර බිලියන 13 කට පෙර සිදු වූ සිදුවීමක් බවයි.

නිම්නා අමරසේකර



from Vidusara Science Magazine https://ift.tt/1WwQ9A2
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!