zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇන්ඩීස් කඳුවැටියෙන් ලොව පැරණිතම ඩයිනොසෝරයෙකුගේ ෆොසිල හමුවෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ලොව ඉපැරණි ම ඩයිනොසෝර් විශේෂයකට අයත් ෆොසිල ආජන්ටිනියානු විද්‍යාඥයින් විසින් ඇන්ඩීස් කඳුවැටියෙන් සොයාගෙන ඇති බව පසුගිය ඔක්තෝබර් 15 වැනි දින ආජන්ටිනා රජයට අයත් CONICET නමින් හඳුන්වන ජාතික විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ කවුන්සිලය නිවේදනය කළා.

ඉහත රාජ්‍ය ආයතනය නායකත්වය දුන් පාෂාණිධාතු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් අග්නිදිග ආජන්ටිනාවේ Quedrada Santo Domingo ප්‍රදේශයට අයත් ඇන්ඩීස් කඳුවැටියේ අඩි 9,842 ක (මීටර් 3,000) උසකින් මේ ෆොසිලය සොයාගෙන තිබෙනවා.

බොහෝ දුරට සම්පූර්ණ ඇටසැකිල්ලක් ලෙස සොයාගත් Huayracursor jaguensis විශේෂයට අයත් මෙම ඩයිනොසෝරයා දිගු ගෙලක් තිබූ කුඩා උරගයෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙසේ සොයාගත් ෆොසිලයට ඩයිනොසෝරයාගේ හිස්කබල, වල්ගය දක්වා සම්පූර්ණ කශේරුව, පූර්ව ගාත්‍රා යුගලේ හා අපර ගාත්‍රා යුගලේ අස්ථි අයත් වනවා.

පසුගිය ඔක්තෝබර් 15 වැනි දින Nature ජර්නලයේ පළ කර තිබූ මේ පිළිබඳ වාර්තාවේ එක් කතුවරයෙකු වන ඔගස්ටින් මාර්ටිනෙලි සඳහන් කරන අන්දමට Huayracursor ඩයිනොසෝරයා වසර මිලියන 230 ත්, 225 ත් අතර කාලයකට ඉහත මිහිතලය මත ඇවිද ගිය උරගයෙකු වූ නිසා ම ඌ ලොව පැරණිතම ඩයිනොසෝරයන් අතරට ලා සැලකෙනවා.

ඒ අනුව මේ විශේෂය ජීවත් වී ඇත්තේ ලොව මුල් ම ඩයිනොසෝරයන් මෙන් ම ක්ෂීරපායීන්ගේ මුතුන්මිත්තන් මිහිතලය මත පහළ වීම ඇරඹුණු ත්‍රියාසික අවධිය අවසානයේදීයි.

පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි මෙම විශේෂයේ වැඩුණු ඩයිනොසෝරයෙකු මීටර් 2 ක් පමණ දිගින් හා කිලෝ ග්‍රෑම් 18 ක් තරම් බරින් යුක්ත ව සිට තිබෙනවා.

එතරම් ඉහත කාලයක දී විසූ මුල් ඩයිනොසෝරයන් අතර පවා සිරුරේ විශාලත්වය මෙන් ම දිගු ගෙලක් තිබීම විශේෂත්වයක් බව මෙම සොයාගැනීමෙන් පැහැදිලි වන්නේ යැ යි ඉහත Nature ජර්නල් වාර්තාවේ පළමු කතුවර Martin Hechenleitner පවසනවා.

ඒ අනුව මෙම Huayracursor ඩයිනොසෝරයා පසු කලෙක දැවැන්ත ප්‍රමාණයේ දිගු ගෙලැති බ්‍රොන්ටොසෝරස් හා ඩිප්ලොඩොකස් වැනි සවුරොපෝඩ් ඩයිනොසෝරයන් බවට පරිණාමය වූ ශාක භක්ෂක පෙළපතකට අයත් බව එම විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

ප්‍රේමශාන්ත කුමාරසිරි



from Vidusara Science Magazine https://ift.tt/1M8oslE
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!