zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සෞඛ්‍යදායක කෑම හොයන අයට ලෝ කාර්බ් එග් (Low Carb Egg) ඩයට් රෙසිපීස් 7ක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



ඩයට් කරන නංගිලා මල්ලිලාට ලෝ කාබ් එග් ඩයට් (Low Carb Egg) රෙසිපි ටිකක් ගෙනාවා. උදේ කෑමට ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේ රෙසිපි ඩයට් කරන නොකරන හැමෝටම හොඳයි. ඔයාලත් අනිවාර්යෙන්ම ට්‍රයි කරන්න. 


1. චීස් ඔම්ලට් (Cheese Omelette) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 2
  2. බටර් මේස හැඳි 1
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  4. කපාගත් කැරට් මේස හැඳි 3
  5. චොප්කරගත් ගෝවා මේස හැඳි 3
  6. කපාගත් බෙල්පෙපර් මේස හැඳි 2
  7. ලුණු හා ගම්මිරිස්කුඩු 
  8. චීස් ස්ලයිසස් 2

 

  • පෑන් එකට බටර් ටිකක් දාලා චොප්කරගත් ළූණු ටික දාගන්න. ටිකකින් කැරට්, ගෝවා හා බෙල්පෙපර් දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. 
  • දැන් මේ එළවළු ටික ලිපෙන් බාලා බීට් කරගත්ත බිත්තර වලට දාලා මික්ස් කරගන්න. 
  • මිශ්‍රණය පෑන් එකට දාලා දෙපැත්තම ෆ්‍රයි කරගන්න. එක පැත්තකට චීස් ස්ලයිසස් දාලා දෙකට නවාගන්න. 

 

 

2. කිටෝ එග් සැලඩ් (Keto Egg Salad) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බිත්තර 4
  2. ලෝ කාර්බ් මයෝනිස් මේස හැඳි 2
  3. චොප්කරගත් සැල්දිරි මේස හැඳි 1
  4. ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1
  5. ලුණු ස්වල්පයක් 

 

  • බිත්තර ටික ග්‍රේට් කරගන්න. මේකට අනික් සියල්ලම දාලා කලවම් කරන්න. ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න පුළුවන්. 

 

 

3. බේක්ඩ් එග් කස්ටඩ් (Baked Egg Custard) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 3
  2. සීනි මේස හැඳි 1
  3. වැනිලා ස්වල්පයක් 
  4. හෙවික්‍රීම් කෝප්ප 1/2
  5. ආමන්ඩ් මිල්ක් කෝප්ප 1

 

  • බිත්තර හා සීනි හොඳට බීට් කරගන්න. මේකට වැනිලා දාගන්න. තව ටිකක් බීට් කරලා හෙවි ක්‍රීම් ටික දාගන්න. 
  • ටිකකින් ආමන්ඩ් මිල්ක් ටික දාලා තව ටිකක් බීට් කරලා, බේකින් පෑන් එකකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 15-20ක් බේක් කරගන්න. 

 

4. එග් මසාලා (Egg Masala) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බිත්තර 2
  2. බටර් මේස හැඳි 1
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1
  4. චොප්කරගත් බෙල්පෙපර් කෝප්ප 1/4
  5. ගරම් මසාලා තේ හැඳි 1/4

 

  • පෑන් එකට බටර් ටිකක් දාලා මෙල්ට් වෙනකොට චොප්කරගත් ළූණු හා බෙල්පෙපර් ටික දාගන්න. 
  • හොඳට මැලවුනාම පෙති කපාගත් බිත්තර ටික දාගන්න. ටිකකින් ගරම් මසාලා හා ලුණු දාගන්න. කලවම් කරලා ලිපෙන් බාගන්න. 

 

5. එග්ස් විත් චික්පීස් (Eggs with Chickpeas) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 2
  2. බටර් මේස හැඳි 1
  3. චොප්කරගත් සුදුළූණු බික් 2
  4. චොප්කරගත් ළූණු ගෙඩි 1/2
  5. තම්බාගත් කඩල කෝප්ප 1/4
  6. ඔරිගානෝ ස්වල්පයක් 
  7. ලුණු හා ගම්මිරිස්කුඩු 
  8. බේබි ස්පිනෑච් කෝප්ප 1
  9. ග්‍රේට්කරගත් පාමසාන් චීස් ස්වල්පයක් 

 

  • පෑන් එකට බටර් ටිකක් දාලා මෙල්ට් වෙනකොට චොප්කරගත් සුදුළූණු, ළූණු දාලා තෙම්පරාදු කරගන්න. 
  • ඊළඟට කඩල ටික දාගන්න. ඔරිගානෝ හා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. ඒකට ස්පිනෑච් ටික දාලා වහලා විනාඩි 2ක් පිසගන්න. 
  • දැන් පියන ඇරලා මිශ්‍රණයේ තැන් දෙකකින් පොඩ්ඩක් එහා මෙහා කරලා බිත්තර 2 දාගන්න. වහලා පිසගන්න. උඩින් පාමසාන් චීස් ටිකක් ඉහලා ලිපෙන් බාගන්න. 

 

 

6. ස්පිනෑච් ඇන්ඩ් මොසරැල්ලා එග් (Spinach and Mozzarella Egg) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 1
  2. බිත්තර සුදුමද 2
  3. බේබි ස්පිනෑච් කෝප්ප 1
  4. ඔලිව්තෙල් ස්වල්පයක් 
  5. චොප්කරගත් ළූණුකොළ ස්වල්පයක් 
  6. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1/4

 

  • තෙල් ටිකක් පෑන් එකට දාලා ස්පිනෑච් ටික බ්ලාන්ච් කරගන්න. දැන් මේ ටික බේකින් පෑන් එකකට දාලා උඩින් ළූණු, මොසරැල්ලා චීස් ඉසගන්න. 
  • බිත්තරයට සුදුමද ටික දාලා ලුණු ස්වල්පයක් දාලා විස්ක් කරලා මේකට එකතු කරන්න. 
  • දැන් මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් බේක් කරගන්න. 

 

 

7. එග් බ්‍රෙඩ් (Egg Bread) 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 4
  2. ක්‍රීම්චීස් මේස හැඳි 4
  3. ක්‍රීම් ඔෆ් ටාටාර් තේ හැඳි 1/2
  4. ලුණු පින්ච් එකක්

 

  • බිත්තර කහමද හා සුදුමද ටික වෙන් කරන්න. බිත්තර කහමද වලට ක්‍රීම්චීස් ටික දාලා බීට් කරගන්න. බිත්තර සුදුමද වලට ක්‍රීම් ඔෆ් ටාටාර් හා ලුණු දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. 
  • දැන් මේකට බිත්තර කහමද ටික ටික දාලා ස්පැතූලා එකෙන් කලවම් කරගන්න. බේකින් ට්‍රේ එකකට බේකින් ෂීට් එකක් දාලා මේ මිශ්‍රණයෙන් ටික ටික තැන් තැන් වලට දාලා සෙල්සියස් අංශක 150ට විනාඩි 15ක් බේක් කරගන්න. 
Join our Whatsapp Group To get latest updates and superior service ✅
2 comments

2 comments

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    November 3, 2023 at 1:31 PM
    Mmmm 🤤🤤🤤 thank you parindyaaaa baboo..❤️🔥
    • Anonymous
      Shadila
      November 24, 2023 at 12:28 AM
      🥱
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!