zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඊශ්‍රායලය තහනම් යුධ අවියක් වන සුදු පොස්පරස් යොදා ගනී.

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


තහනම් යුධ අවියක් වෙන සුදු පොස්පරස් බෝම්බ, රසායනික බෝම්බ විශේෂයක්. මේවා ඔක්සිජන් එක්ක මිශ්‍ර උනහම හෙනම දරුනු හානියක් කරනවා. 



සුදු පොස්පරස්වල රසායනික පැත්ත ගැන කියනවනම්. පට්ට ඉක්මනින් ගිනිගන්නවා. මේවා ගබඩා කරන්නේ ග්ලිසරින් වගේ මාධ්‍යක් ඇතුලේ, මොකද වාතයට නිරාවරණය උන ගමන් ගිනි ගන්නවා. ඊට වැඩිය භයානකම දේ වාතයට නිරාවරණය වෙලා තියෙනකන්ම දිගටම මේක ගිනිගන්නවා. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 800 ක විතර උෂ්ණත්වයක්. නිකමට හරි මේ සුදු පොස්පරස් කෑල්ලක් ඔයාගේ අත උඩ තිබ්බොත් ගිනි අරගෙන අනිත්පැත්තෙන් මතුවෙනකන් හම පුච්චගෙන කිඳා බහිනවා. (හිතන්නකො සෙල්සියස් අංශක 800 කියන්නේ යකඩත් දියවෙන උෂ්ණත්වයක්) ඊට අමතරව මේ මේ පොස්පරස් වල තියෙන රසායනික කොටස් රුධිර සංසරණ පද්ධතියට එකතු වෙන නිසා අක්මාව, වකුගඩු, හෘදය වගේ අවයව වලට හානි වෙන්න පටන්ගන්නවා. මේ පොස්පරස් වාතය එක්ක ප්‍රතික්‍රියා කරහම පොස්පරස් පෙන්ටොක්සයිඩ් කියලා සෙල්සියස් අංශක 90ක විතර උෂ්ණත්වයක් තියෙන සුදු පාට දුමාරයක් පිට වෙනවා, මේ දුමාරයට නිරාවරණය උනොත් පෙනහළු පිච්චිලා හුස්ම හිරවෙලා තමයි මැරෙන්න වෙන්නෙ. 🫁

සුදු පොස්පරස් මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ 19 වෙනි සියවසේ, තුවක්කු පතුරම් විදිහට අයර්ලන්ත ජාතිකයෝ. පස්සේ බ්‍රිතාන්‍ය හමුදාව පලවෙනි ලෝක යුද්ධයේදී අත් බෝම්බයක් විදිහට සුදු පොස්පරස් බෝම්බ පාවිච්චි කරන්න ගත්තට පස්සේ තමයි වැඩේ ප්‍රසිද්ධ වෙන්නේ. තුවක්කු පතොරම්, රොකට්, බෝම්බ, කාලතුවක්කු උණ්ඩ වගේ ඕනෙම දෙයක් එක්ක මේ සුදු පොස්පරස් පාවිච්චි කරන්න පුලුවන්ලු. මේ පොස්පරස් බෝම්බ flash bang විදිහට, සතුරු ඉලක්ක සලකුණු කරන්න වගේම, ගොඩනැගිලි පිලිස්සීමට නිත්‍යානුකූලව යුධ පිටියේදී පාවිච්චි කරන්න පුලුවන්, ඒත් සාමාන්‍ය වැසියෝ ඉන්න ප්‍රදේශවල මේවා පාවිච්චි කරන එක සම්පූර්ණ්යෙන්ම තහනම්. 

බැරිවෙලාහරි සුදු පොස්පරස් බෝම්බයක කොටසක් වැදුනොත් මොකද කරන්නේ...? 
මුලින්ම තුවාලේ වාතයට නිරාවරනය වෙන එක් නවත්තන්න ඕනේ. ඊටපස්සේ තමයි තුවාලේ පොස්පරස් කෑලී අයින් කරන්න ඕනේ. වෛද්‍යවරුනම් කියන්නේ එහෙම එකක් උන ගමන් පිරිසිදු ජලයෙන් හෝදනවට වඩා උකුවට තියෙන මඩ වලින් තුවාලෙ වහන්න කියලා. (හැබැයි ඉතින් විසබීජ වලට නිරාවරනය වෙන්න තියෙන අවදානමත් වැඩි වෙනවා )

1980 ලෝක ආයුධ පිලිබඳ සම්මුතියේ තුන්වන වගන්තියට අනුව සිවිල් වැසියන් ගැවසෙන ස්ථානවල සුදු පොස්පරස් බෝම්බ පාවිච්චි කිරීම නීතිවිරෝධී උනත්, ඊස්‍රායලය මේ සම්මුතියට අත්සන් කරලා නෑ, ඒක නිසා පලස්තීනෙට විරුද්ධව සුදු පොස්පරස් බෝම්බ පාවිච්චි කරන එකට ඊශ්‍රායලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ. 

මමනම් කියන්නේ කවුරු වැරදි උනත්, සිවිල් වැසියොන්ට aim කරලා ගහන එක වැරදී. මම දැක්කා යාලුවෙක් status දාලා තියෙනවා තාත්තා කෙනෙක් තමන්ගේ ළමයි දෙන්නවම බදාගෙන අඩන video එකක්, දෙන්නම මැරිලා අරන් යන්න දෙන්නේ නැතුව අඩනවා ඇත්තටම ඒ මිනිස්සු පලිනැතුව ඇති, මන් දන්න විදිහට ගොඩක්ම පලස්තීනේ සිවිල් වැසියන්ට හානි සිද්ධවෙලා තියෙන්නේ. මන් දැක්කා fb එකේ එහෙම "ඔය මුස්ලිම් රටවල්වලට අතුගෑවිලා යන්නම ගහන්න ඕනේ" වගේ සමහර post. ඒත මමනම් කියන්නේ අපි ඔක්කොම මිනිස්සු, හිතන්න ඔයාට පොස්පරස් බෝම්බයක් වැදුනොත් එන වේදනාවමයි එයාලටත් දැනෙන්නේ, අනික කිසිම දෙයක් නොතේරෙන චූටි ලමයි පව්❗️





Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!