zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

යට ගිය පුරාවෘත්තයේ ආදාම්ගේ පාලම සත්‍යක් ද? නැතිනම් තවත් එක් මිනිසාවටා ගෙතුණු මිත්‍යාවක් ද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


ආදම්ගේ පාලම, රාම සේතු, මුහුදේ ඇති පාලම, රාමාගේ පාලම යන නම් වලින් හඳුන්වන, මේ වන විටත් මෙය රාමා විසින් රාවණාට පහර දීමට ලංකාවට එන්න තම වානර හමුදාව ලවා හදපු පාලම විදිහට ඉන්දියාවේ මිනිස්සු විශ්වාස කරනවා. ඒත් ඒක එහෙම නෙමෙයි ස්වභාවිකව හැදුණු වැලි පරයක් කියල සමහර අය කියනවා. ඒ වගේම මෙය මිනිසා විසින් ගල් අතුරා නිර්මාණය කල ඉදි කිරීමක් බව විද්‍යාඥයෝ හෙළි කරලා තියෙනවා. ඉතින් ආදම්ගේ පාලම සත්‍යයක්ද? අසත්‍යයක්ද? එන්න ආදම්ගේ පාලම මතින් ඇවිද යමු.

01. මොකක්ද මේ ආදම්ගෙ පාලම?

Adam's bridge Rama Sethu

ලංකාවේ වයඹ දිග වෙරළට ඔබ්බෙන් පිහිටි මන්නාරම දූපත සහ ඉන්දියාවේ ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් පිහිටි රාමේෂ්වරම් දූපත අතර තමයි ආදම්ගේ පාලම, රාමගේ පාලම නැතිනම් රාම සේතු පාලම පිහිටලා තියෙන්නේ. “පාලම” කිලෝ මීටර් 48 (30 සැතපුම්) දිග වන අතර මන්නාරම් බොක්ක (නිරිතදිග) පෝක් සන්ධියෙන් (ඊසානදිග) වෙන් කරනවා. මෙහි සමහර ස්ථාන වල වියළි වැලි ඉවුරු දකින්න ලැබෙනවා. සමහර තැන් අඩි 3ක් වගේ අඩු ගැඹුරක් ඇති බවත් සඳහන් වෙනවා.

02. රාමායනයේ සඳහන් වෙන්නේ මොනවාද?

Adam's bridge Rama Sethu

රාමායණය කියන්නේ හින්දු පුරාණ කතාවක්. රාමායණයට අනුව ශ්‍රී ලංකාවේ රාවණා රජු රාම කුමරුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන ලංකාවට අරගෙන එනවා. සීතාව රාවණාගෙන් බේරාගන්න රාම කුමරයා ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාවේ ඉඳන් ලංකාවට එන්න පාලමක් ඉදි කරනවා. ඒ පාලම තමයි ආදම්ගේ පාලම.

03. මේ ගැන සඳහන් ලිඛිත සාධක

Adam's bridge Rama Sethu

මේ ගැන රාමායනයේ සඳහන් වනවා. ඊට අමතරව ඉබන් කොර්දාබේ විසින් 9 වැනි සියවසේ රචිත ‘බුක් ඔෆ් රෝඩ්ස් ඇන්ඩ් කින්ඩම්ස්’ හි මෙය ‘මුහුදේ ඇති පාලම’ විදිහට සඳහන් කර තිබෙනවා.

පුරාණ ඉස්ලාමික ග්‍රන්ථවල ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ ‘ආදම්ගේ කන්ද’ යන නමින්. ආදම් පොළොවට පතිත වී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා මෙම ස්ථානය ඔස්සේ ගමන් කළ බවට සඳහන් වන නිසා මෙය රාමාගේ පාලම ‘ආදම්ගේ පාලම’ ලෙසින් ද හැඳුන්වනවා.

1804 බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද සිතියමක මෙය නම් කර ඇත්තේ ආදම්ගේ පාලම කියලයි. ඉන්දියාවේ තන්ජවූර් සරස්වතී මහල් පුස්තකාලයේ ඇති ක්‍රි.ව. 1747 සකස් කරන ලද ඕලන්ද සිතියමකට අනුව මෙම ප්‍රදේශය ‘රාමන්කොයිල්’ යනුවෙන් හඳුන්වා තිබේ. වෙනත් සිතියමක දැක්වෙන්නේ ‘රාමාගේ දෙවොල පිහිටි ප්‍රදේශය’ යනුවෙනි. රාම වෙනුවෙන් දෙවොලක් ඇත්තේ රාමේස්වරම්හිය.

මාර්කෝ පෝලෝගේ සිතියම්වල මෙම ප්‍රදේශය නම් කර ඇත්තේ ‘සේතුබන්ධ’ සහ ‘සේතුබන්ධ රාමේස්වරම්’ යන නම් වලින්.

04. මේ ගැන තියෙන වෙනත් මත

Adam's bridge Rama Sethu

අපි හැමෝම දන්න තවත් කාරණයක් තියෙනව මේ සම්බන්ධයෙන්. ඒ තමයි ලංකාව, ඉන්දියාවේම කොටසක් ලෙස පිහිටලා තිබුන බවත් අවුරුදු 125,000කට පමණ පෙර දෙකට කැඩී වෙන් වූ බවත්. ඒ විදිහට වෙන්වෙලා ඉතිරි වුන කොටස් මේ විදිහට පාලමක් විදිහට පේන බවත්.

05. මේ ගැන සොයා බලපු භූ විද්‍යාඥයෝ මොකද කියන්නේ?

Adam's bridge Rama Sethu

නාසා ආයතනයට තමන්ට අයිති චන්ද්‍රිකා මගින් ඉන්දියාව හා ලංකාව අතර නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් තිබෙන බව හෙලිකලා.

මේ ඡායාරූප නිසා ආදම්ගේ පාලම ගැන ඇමෙරිකානු භූවිද්‍යාඥයන් පර්යේෂණයක් කලා. ඔවුන් සඳහන් කලේ මේ පාලම ස්වභාවික පිහිටීමක් නොවන බවත් එය මිනිස්සු විසින් ඉදිකරන ලද්දක් බවත්.

06. සමුද්‍ර විද්‍යාඥයන් මොකද කියන්නේ

Adam's bridge Rama Sethu

සමුද්‍ර විද්‍යාඥයෝ මෙය වැලිපරයක් ලෙස හඳුන්වනවා. නමුත් මෙය සාමාන්‍ය වැලිපරයක් නොවන බවයි එයාලගෙ අදහස. ඔවුන් කියන්නේ එම වැලිපරය මත වෙනත් තැනක සිට ගෙන එන ලද විශාල පාෂාණ අතුරා පාලමක් ඉදිකල බවයි. ඒ වගේම මේ වගේ විශාල ගල් එම ස්ථානයට අරගෙන ආවෙ කොහොමද කියල නම් අභිරහසක් බව ඔවුන් සඳහන් කරනවා.

07. ඇමෙරිකානු පුරාවිද්‍යාඥවරියක වන චෙල්සියා රෝස්ගේ (Chelsea Rose) මතය

Adam's bridge Rama Sethu

ඇය සඳහන් කරන්නේ වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරැණි බවත්, මෙම පාෂාණ සම්බන්ධයෙන් සිදු කළ කාලනීර්ණ පර්යේෂණවල දී ඒවා වසර 7000ක් පමණ පැරණි බවත්ය. ඒ වගේම වැලිපර වසර 4000ක් පමණ පැරණි වන බවත් ඇය පවසනවා. වැලිපරය පසුකාලයේ ස්වාභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයි ද, වෙනත් ප්‍රදේශයක සිට රැගෙන ආපු පාෂාණ යොදා ගනිමින් මිනිසුන් විසින් ඉදිකරන ලද්දක් බවද ඇයගේ මතය වෙලා තියෙනවා.

ඒ වගේම ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) අභ්‍යවකාශ යෙදුම් මධ්‍යස්ථානයේ (SAC) සමුද්‍ර හා ජල සම්පත් සමූහයේ නිගමනය වන්නේ ආදම්ගේ පාලම කුඩා පැච් ගල්පර 103 කින් සමන්විත වන බවයි.

මේ සියළු කාරණා වලට අනුව මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද විශිෂ්ඨ නිර්මාණයක් බවට තව දුරටත් තහවුරු වූවොත් ලෝකයේ අදහාගත නොහැකි මිනිස් නිර්මාණ අතරට මෙයද ඇතුලත් වේවි.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!