zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

දුර්ලභ කළු රයිනෝවෙක් එංගලන්තයේ දී උපත ලබයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


දැනට ලෝකයේ ජීවත් වන දුර්ලභ ම ක්ෂීරපායි සතුන්ගෙන් එක් විශේෂයක් වන කළු රයිනෝ පැටවකු නොවැම්බර් 12 වන දින එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයේ උපත ලබා තිබෙනවා.

සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය විසින් CCTV කැමරා ආධාරයෙන් මෙම සිදු වීම සමීප ව නිරීක්ෂණය කර ඇති අතර මාස 15 ක ගැබ් ගැනීමකින් පසුව සූරි නම් මව විසින් පස්වරු 2:45 ට පමණ මෙම පැටවා ආරක්ෂිතව ප්‍රසූත කර තිබෙනවා. සත්වෝද්‍යානය පවසන්නේ දිවා කාලයේ රයිනෝ පැටවුන් ඉපදීම ඉතා දුර්ලභ අවස්ථාවක් බවයි. සූරි සහ ඇගේ අලුත උපන් බිළිඳා අතර ඇති වූ උපතේ සම්බන්ධතාවය සහ සංවේදී පළමු අවස්ථාව වීඩියෝ ගත කිරීමට ද කාර්ය මණ්ඩලයට හැකියාව ලැබී තිබෙනවා. සත්ත්වෝද්‍යානය පාලකයන් විසින් මෙම පැටවා හොඳින් රැකබලා ගන්නා අතර පැටවාගේ බර සහ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව ඔවුන් පවසා තිබෙනවා.

අප්‍රිකාවේ කළු රයිනෝවන් වරෙක දස දහස් ගණනින් සිටි නමුත් අද වන විට ඉතිරි ව ඇත්තේ 6,500 ක් පමණ ඉතා සුළු පිරිසක්. මෙම රයිනෝ උප විශේෂ කිහිපයක් දැනටමත් වඳ වී ගොස් ඇති අතර, සත්වෝද්‍යානය පවසන්නේ නීතිවිරෝධී වනජීවී වෙළඳාම සඳහා දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමි වීම හේතුවෙන් මෙම විශේෂය බරපතල ලෙස වඳ වී යාමේ තර්ජනයකට ලක් වී තිබෙන බවයි.

අද වන විට කෙන්යාව, ටැන්සානියාව සහ රුවන්ඩාව හරහා නැඟෙනහිර කළු රයිනෝවන් 600 කට වඩා අඩු ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. එමෙන් ම සෑම කළු රයිනෝ මවකට ම දා ව වරකට එක් පැටවෙකු සිටිය හැකි අතර ඔවුන්ගේ ගර්භණී කාලය මාස 16ක් දක්වා පවතිනවා. මේ හේතුවෙන් කළු රයිනෝවන්ගේ උපත් සීමිත ප්‍රමාණයක් සිදු වන බව සත්ත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය පවසනවා.

චෙස්ටර් සත්වෝද්‍යානයේ මෙම සාර්ථකත්වය සඳහා එක් උපක්‍රමයක් වන්නේ රයිනෝවන්ගේ අසූචිවල ඇති ප්‍රජනක හෝමෝන හොඳින් නිරීක්ෂණය කිරීම තුළින් සත්වෝද්‍යාන පාලකයින් විසින් කුමන පිරිමි සහ ගැහැණු සත්ත්ව විශේෂ එකිනෙකා සමඟ ඇසුරු කළ යුතු ද යන්න සොයාගැනීම මඟින්. සත්ත්වෝද්‍යානය විසින් දැඩි ආරක්ෂණ පියවරයන් ක්‍රියාත්මක කරන අතර එමඟින් මෙම සත්ත්ව විශේෂය වඳ වී යාමේ අවදානම අවම කර ගැනීමට උත්සාහ කරමින් සිටිනවා.

Science Alert ඇසුරෙනි.

සමින්ද රන්දික

 



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!