zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වචනයක්වත් කතා නොකර කෙල්ලෝ ආකර්ෂණය කරගන්නෙ මෙහෙමයි.

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



එහෙම කියනකොට හරියට දිවයින පත්තරේ අර ලිංගික අප්‍රාණිකත්වය ඇතුළු තවත් ගැටළු වලට පිළිතුරු ලබාදෙන ඇඩ් එකක් වගේ දැනෙනවද? හැබැයි කොහොම වුනත්, කොහොම නොකියා හිටියත් ගොඩක් තරුණයන්ට තියෙන ගැටළුවක් තමයි මේ. ඒ කියන්නේ කාන්තා ආකර්ෂණය ලබාගන්නේ කොහොමද කියන එක. ආන්න ඒ ගැටළුව විසඳන්න තියෙන්නේ එක ක්‍රමයක් දෙකක් හතරක් දහයක් නෙවෙයි. හැබැයි තමන්ගේ හිත ගියපු කාන්තාව එක්ක වචනයක් හරි කථා කරන්නත් කලින්ම ඒ කාන්තාවගේ ආකර්ෂණය ලබා ගන්න පුළුවන් නම් ඒක විශේෂ දෙයක් නෙවෙයිද? ඒ කාන්තාවගේ විතරක් නෙවෙයි, තමන්ට මුණගැහෙන ඕනම කාන්තාවක් තමන් දිහා ආකර්ෂණයකින් යුතුව බලනවා නම් ඒක සුවිශේෂී දෙයක් නෙවෙයිද? හැබැයි එකක්, මේ කියන උපදෙස් එක රැයින් කරන්න පුළුවන් දේවල් නෙවෙයි, රහස් ඖෂධ වලින් කරන්න පුළුවන් දේවලුත් නෙවෙයි. මේ දේවලට මහන්සි වෙන්න සිද්ධ වෙනවා, වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙම මහන්සි වෙලා කාන්තාවන්ගේ ආකර්ෂණයට ලක් වෙන තරුණයෙක් වෙන එක තමන්ට වටිනාකමක් ලබාදෙනවා කියලා හිතනවා නම් දිගටම කියවන්න!

1. තමන්ව ගොඩනංවන්න

මෙන්න මේක එක රැයින් කරන්න අමාරු, හැබැයි මේ වෙනුවෙන් තමන් කැප කරන කාලයට උපරිම සාධාරණයක් ලැබෙන දෙයක්. ඇත්තටම මේක කරන්න ඕන කාන්තා ආකර්ෂණය වෙනුවෙන් නෙවෙයි, තමන් වෙනුවෙන්. ඒ තමයි තමන්ව ගොඩනංවන එක. මුලින්ම අපි හිතලා බලන්න ඕන අපි ඇත්තටම කවුද කියන එක. ඒ කියන්නේ අවිහිංසක, නිර්මල හිතක් තියෙන කොල්ලෙක්, හොඳ පුරවැසියෙක් වගේ සීන් නෙවෙයි. තමන් කියන කෙනාගේ පෞරුෂත්වය, සිවිල් තත්ත්වය, වෘත්තිය ජීවිතය කොහොම වෙන්න ඕනද කියන එක. දැන් ආන්න ඒ ප්‍රතිරූපයට එනකල් තමන්ව ගොඩනංවන්න ඕන. මේ වෙනුවෙන් රෑ දවල් නැතුව වැඩ කරන්න සිද්ධ වෙයි. ජිම් යන්න, ඩයට් කරන්න, ඇඟ හදාගන්න, හරියට අඳින්න පළඳින්න සිද්ධ වෙයි. හැබැයි එහෙම තමන්ව ගොඩනංවගත්තු මනුස්සයෙක්ට වගේම, තමන්ව ගොඩනංවාගන්න වැඩ කරන මනුස්සයෙක්ටත් බොහොම අපූරු ආකර්ෂණයක් ගොඩ නැංවෙනවා.

 

2. තමන් විය යුතු කෙනා වෙන්න

මේකත් උඩ කාරණාව වගේ කියලා හිතුණට ඊට වෙනස්. උඩ අපි කිවුවනේ තමන්ට වුවමනා පෞරුෂත්වය ගොඩනංවාගන්න, ඒකට වැඩ කරන්න කියලා. එහෙම පෞරුෂත්වයක් ගොඩනංවාගන්නකොට වැදගත් වෙන්නේ තමන්ගේ බාහිර පෙනුම විතරක් නෙවෙයි. තමන්ගේ චරිතයේ ප්‍රබලත්වය, ගතිගුණවල ප්‍රබලත්වය, හැසිරීම් රටා වල ප්‍රබලත්වය වගේ දේවල් මෙතනදී බලපවත්වනවා. ආන්න ඒවා හදාගන්න කියලා තමයි මේ කියන්නේ. 

මෙතනදී අපිට වෙන්න ඕන කෙනා වෙන එක සරල දෙයක්නේ. අපිට වෙන්න ඕන ජෙන්ට්ල්මන් කෙනෙක්. ඒ නිසා අපි කරන්න ඕන ජෙන්ට්ල්මන් කෙනෙක්ගේ තියෙන ගතිලක්ෂණ අපේ ජීවිතේට එකතු කරගන්න එක. හොඳ ක්ලාස් එකක් තියෙන ජෙන්ට්ල්මන් කෙනෙක් වෙන එක.


3. ඩීටේල්ස්, ඩීටේල්ස්, ඩීටේල්ස්!

මේක තමන්ගේ පෙනුම සම්බන්ධ දෙයක්. අපි උඩිනුත් කිව්වා වගේ, මගේ විදිය මේකයි, මගේ හිත සුන්දරයි වගේ දේවල් කියනවාට වඩා තමන්ව ගොඩනංවන එක ආකර්ෂණීය පිරිමියෙක් වෙන්න වටින දෙයක්. මේ ගොඩනැංවීමට ඇඳුම් පැළඳුම්, විලාසිතා එහෙම අයිති වෙනවා. හැබැයි මේ විලාසිතා කරනකොට ඔලුවේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. කිසිම දෙයක් බාගෙට කරන්න එපා. ඕනම දේක ඉතාම සුළු කරුණ පවා – ඒ කියන්නේ සුළු ඩීටේල් එක පවා- ගැන සැලකිලිමත් වෙන්න. උදාහරණයක් විදියට කියනවා නම්, රැවුල වවන එක ෆැෂන් එකක් විදියට කරනවා නම් ඔහේ කැලේ වගේ රැවුල වැවෙන්න දීලා හරියන්නෙ නෑ. තමන් දිනපතා රැවුල පීරලා, තෙල් ගාලා ඉන්න එකත් මදි. තමන්ගේ රැවුල වැවෙන වේගය අනුව සතියකට හෝ දෙකකට හෝ තුනකට සැරයක් බාබර් මහත්තයෙක් ගාවට ගිහින් රැවුල අනවශ්‍ය විදියට පැතිරිලා තියෙන පුංචි තැන් වුනත් හරියට ට්‍රිම් කරගන්න ඕන. රැවුල ගාණට මායිම් වෙන්න ඕන ලයින් දැලිපිහියෙන් ගාණට කපන්න ඕන. එහෙන් මෙහෙන් එලියට පැනලා තියෙන රැවුල් ගස් ට්‍රිම් කරන්න ඕන. මේ පුංචි ඩීටේල් ගැන සැලකිලිමත් වෙන එක ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් වුනත් එහෙමයි. කලිසමේ එක තැනක නූලක් ඇදිලා නම්, ඒක ගණන් නොගෙන ඉන්න එපා. බැලූ බැල්මට ඒක වෙන කෙනෙක්ට නොපෙනෙන්න පුළුවන්. ඒත් ඒක කපලා දාන්න.

 

4. යන තැන තමන්ගේ ෆන් එක ගන්න!

මේක ටිකක් අමුතු කතන්දරයක් වගේද? දැන් අපි කියමු අපි පාටියකට යනවා කියලා. එතනදී ඉතින් මල් පිපිලා වගේ ලස්සන කෙල්ලෝ ඉන්නවනේ. එතකොට කාන්තාවන්ට ආකර්ෂණය වෙන කොල්ලෝ හැටියට අපේ හිත් වුනත් එක තැන තියෙන්නේ නෑ. හැබැයි අපි දැන් ඔය පාටියට ගිහින් කරන්නේ අර කෙල්ලෝ දිහා බල බල, එයාලට ඉඟි බිඟි කර කර, එයාලගේ අවධානය ලබාගන්න උත්සාහ කර කර නම් ඇත්තටම අපි ආකර්ෂණීය වෙන්නෙ නෑ. ඊට වඩා අපි ඩෙස්පරේට් කියලා තමයි පේන්නේ. ආන්න ඒ නිසා තමන් යන තැන තමන්ගේ ෆන් එක ගන්න. පාටියකට යන්නේ කාලා, බීලා, යාලුවෝ එක්ක විනෝද වෙලා, නටලා ජොලියක් දාන්න නම්, තමන්ගේ කාඩ් කුඩුකරගන්නේ නැතුව ඒ ආතල් එක උපරිමයෙන් ගන්න. එහෙම යන යන තැන පැණි හලන්නේ නැතුව තමන්ගේ ෆන් එකේ ඉන්න කොල්ලොන්ට ඇත්තටම කෙල්ලෝ ආකර්ෂණය වෙනවා!

5. පැන පැන දෙන්න නොයන්න!

හරි, අපි හරියට අනුන්ට උදවු කරන ජාතියක්නේ. විශේෂයෙන්ම කොල්ලෝ හැටියට අපි කෙල්ලොන්ට එහෙම වුනත් උදවු කරන්න ඕන වෙලාවක සූදානම්! හැබැයි මෙතනදී පැන පැන බලෙන් උදවු කිරීම සහ උදවුවක් ඉල්ලන මොහොතක, තමන්ට ඒ උදවුව කරන්න පුළුවන් නම් උදවු කිරීම අතර සැලකිය යුතු තරමේ වෙනසක් තියෙනවා. ගොඩක් වෙලාවට පැන පැන කෙල්ලන්ට උදවු කරන්න ලෑස්ති වෙලා ඉන්න කොල්ලෙක්ව කෙල්ලෝ අතරේ සැලකෙන්නේ ආකර්ෂණීය කොල්ලෙක් විදියට නෙවෙයි. පැණියෙක්, ඇඹලයෙක් සහ ඕන වැඩක් හිනාවක් දාලා කරවගන්න පුළුවන් කෙනෙක් විදියට. ඒක හොඳ පෞරුෂයක් තියෙන කොල්ලෙක්ව හඳුන්වන්න සුදුසු විදියක් නෙවෙයිනේ. ආන්න ඒ නිසා අපි කරන්න ඕන එහෙම කොල්ලෙක් නොවී ඉන්න එක. ඒ වගේම කෙල්ලෙක් තමන්ගෙන් කරන්න බැරි උදවුවක් ඉල්ලුවහම කෙල්ලට බෑ කියන්න බැරි කමට ඒක කරන්න ට්‍රයි කරන එක හෝ ඒ උදවුව නිසා වෙනත් අත්‍යාවශ්‍ය වැඩක් පාඩු කරගන්න එකත් ආකර්ෂණීය නෑ. ඒකෙන් තමන් සිරා පොරක් කියලා කෙල්ල හිතන්නෙත් නෑ. අන්න ඒ නිසා කෙනෙක්ට, විශේෂයෙන්ම කෙල්ලෙක්ට උදවුවක් කරන කලාව ඉගෙන ගන්න ඕන. බැරි දේකට බැහැ කියන එක පැහැදිලිව කියන්න ඉගෙන ගන්න ඕන. උදවුවක් ඉල්ලූ වෙලාවක ඒ උදවුව කරලා, ඒකට කිසිම දෙයක් ආපිට බලාපොරොත්තු නොවී පැත්තකට වෙන කලාවත් ඉගෙන ගන්න ඕන. ආන්න ඒක කොල්ලෙක්ට ඉතාම ආකර්ෂණීයයි!

 

6. ඔන්ලයින් ජීවිතේත් වැදගත් වෙන්න ඕන!

අපි මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. දැන් කාලේ අපි හැමෝටම ඔන්ලයින් ජීවිත තියෙනවා. බොහෝමයක් දෙනෙක්ගේ ඔන්ලයින් ජීවිත ඇත්ත ජීවිත වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතා සුළු පිරිසක් ඔන්ලයින් වුනත්, ඇත්ත ජීවිතේදී වුනත් එකම විදියට තමයි ඉන්නේ. කොහොම වුනත් අපි ඔන්ලයින් ජීවිතේදී, ඒ කියන්නේ ෆේස්බුක් වගේ සමාජ ජාල වලදී අපේ තත්ත්වය තියාගන්න ඉගෙන ගන්න ඕන. සමහරු ඉන්නවා ඔන්ලයින් ඇඹලයෝ. ඒ කියන්නේ කවුරුහරි ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්න කෙල්ලෙක් දාන ඕනම ෆොටෝ එකකට ගිහින් ‘වාව්, නියමයි නංගා, ඔයා ඕසම් ගර්ල්” වගේ පැණි වෑහෙන කමෙන්ට්ස් දාන කොල්ලෝ ඉන්නවා. හැබැයි එහෙම කමෙන්ට් කලා කියලා ඒ කෙල්ලෝ ඒ කොල්ලන්ට වැටෙන්නේ නෑ. මොකද එහෙම කෙල්ලෝ දාන ඕන එකටයි, එපා එකටයි පැන පැන කමෙන්ට් කරන එකේ කිසිම ආකර්ෂණයක් නැහැ. ඒ වෙනුවට අවශ්‍ය තැනකදී විතරක් ඒ ඒ තැනට අදාළ විදියට සීරියස් කමෙන්ට් එකක් හෝ ආතල් කමෙන්ට් එකක් හෝ ෆනී කමෙන්ට් එකක් දාන සාත්තරේ ඉගෙන ගන්න ඕන. ඒ වගේම තමයි ඉන්බොක්ස්. කෙල්ලෙක් එක්ක චැට් කරනවා නම් කරුණාකරලා “හායි, හේයි, හායි ඩියර්, කොහොමද ඩියර්” වගේ කෑලි වලට වඩා ටිකක් වැදගත්, විස්තරාත්මක විදියට චැට් එකක් ආරම්භ කරන්න ඉගෙන ගන්නත් ඕන. එහෙම කොල්ලෙක්ගේ ස්ටේටස් එක වැදගත් තැනක තමයි තියෙන්නේ. ඒක බොහොම ආකර්ෂණීයයි!

 

7. ඕනවට වඩා කෙල්ලන්ව ගණන් නොගත යුතුයි!

මෙන්න මේක බොහොම සීරුවෙන් ප්‍රගුණ කරන්න ඕන අභ්‍යාසයක්. සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෙක් දැක්කට පස්සේ කට ගෑවෙනවා කකුල් දෙකේ, ඇස් දෙකෙන් කෙල්ලව ගිලින්න තමයි ට්‍රයි එක. එතකොට කෙල්ලෝ ගොඩක් ඉන්න තැනක හිටියොත් එහෙම ඒ විදියේ කොල්ලෙක්ගේ බෙල්ලේ පොට යනවා හැරි හැරී එක එක කෙල්ලෝ දිහා බලන්න ගිහින්. ආන්න ඒ වගේ කොල්ලෙක් වෙන එක අවුල්. එතකොට තවත් කොල්ලෝ ඉන්නවා මෝල් ගස් ගිලපු ගාණට, බුම්මගෙන, හිනාවක්වත් නැතුව, කෙල්ලෙක්ව ගාණකටවත් නොගෙන ඉන්න. එහෙම කොල්ලන්ටත් ඇති මහ ලොකු ආකර්ෂණයක් නෑ.

 හැබැයි තමන්ට යන තැනක තමන් කරන දේට හෝ ඉන්න තැනට මූලිකත්වය දීලා ඉන්න කොල්ලෙක් ඔය උඩින් කියපු දෙපාර්ශවයටම වඩා වෙනස්. හැබැයි එහෙම කොල්ලෙක් සීරුමාරුවෙන් කෙල්ලෙක් දිහා නොබලා ඉන්නෙත් නෑ. හැබැයි කෙල්ලන්ට තමන්ගේ සම්පූර්ණ අවධානය දෙන්න යන්නෙත් නෑ. එහෙම කොල්ලෙක් තමන්ගේ වැඩේ කරලා, තමන් දිහා බලන කෙල්ලෙක් එක්ක බොහොම හොඳට, සුහදව හිනා වෙයි. හැබැයි ඒක එතනින් ඉවරයි. ආයෙත් ඒ කෙල්ල දිහා හැරි හැරී බලන්න යන්නෙ නෑ. ආන්න ඒ විදියට හැසිරෙන කොල්ලෙක් අපි උඩින් කියපු ටිප්ස් එහෙමත් අනුගමනය කරලා තමන්ව ගොඩනංවාගෙන නම් තියෙන්නේ, එහෙම කොල්ලෙක්ට ආකර්ෂණය නොවී ඉන්න කෙල්ලෙක්ට පහසු නෑ!



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!