zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

නව සූකර උණක් පළමු වරට එක්සත් රාජධානියේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



සූකර උණ මිනිසෙකුට ආසාදනය වූ පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වනවා. එරට සෞඛ්‍ය බලධාරීන් ඔහුගේ ආශ්‍රිතයන් ද ආසාදනයට ලක් වී ඇත් දැයි පරීක්ෂණ පවත්වමින් සිටින බව සඳහන්. 2005 සිට මේ දක්වා මේ ප්‍රභේදයට අයත් සූකර උණ මිනිසුන්ට ආසාදනය වී ඇති අවස්ථාවන් ඇත්තේ පනහක් පමණයි. මෙය එක්සත් එහි රාජධානිය තුළ වාර්තා වූ පළමු ආසාදනය වීම විශේෂත්වයක්.

Influenza A(H1N2)v ලෙස හැඳින්වෙන මෙම ඉන්ෆ්ලුවෙන්සා වයිරසය එරට ඌරු ගහනයන් අතරේ සංසරණය වන අනෙකුත් උණ රෝගවලට සමානකමක් දක්වනවා. සිදු වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කිරීමට ද එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පූර්ව තොරතුරුවලට අනුව ආසාදනය වී ඇති 1b.1.1 නම් ප්‍රභේදය මෑත කාලීන ව ගෝලීය වශයෙන් වාර්තා වූ H1N2 ප්‍රභේදයන්ට වඩා වෙනස් බව The Guardian වාර්තා කරනවා.

ආසාදිතයා මඳ රෝගී ස්වභාවයක් පළ කර ඇති අතර පසු ව සුවය ලබා තිබුණා. The Guardian කළ තතු විමසීමක දී අනාවරණ වී ඇත්තේ ආසාදිතයා ඌරන් ආශ්‍රිත පරිසරයක කටයුතු කරන්නෙකු නො වන බවයි. එවන් පසුබිමක් තුළ රෝගය ආසාදනය වූයේ කෙසේ දැ යි හඳුනා ගැනීමට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!