වැස්සකට පසු හිරු පායන විට, දේදුන්නක් දැකීමට ඔබ වාසනාවන්ත විය හැකිය. නමුත් රාත්‍රියේදී ඔබටත් එවැනිම විශ්මිත දෙයක් දැකිය හැකි බව ඔබ දන්නවාද?
ඒවා ඇදහිය නොහැකි තරම් අසාමාන්‍ය වුවත්, moonbow ( චන්ද්‍ර දේදුනු) ලෙස හදුන්වන සංසිද්ධියක් ඇත.මෙය චන්ද්‍රයාගේ ආලෝකය වාතයේ ඇති ජල බිඳිති හරහා වර්තනය වන විට ඇති වන දෘශ්‍ය සංසිද්ධියකි.
දීප්තිමත්ම පූර්ණ චන්ද්‍රයෙන් පවා ලැබෙන ආලෝකය සූර්යයා විසින් නිපදවන ආලෝකයට වඩා බෙහෙවින් අඩු බැවින් සඳ දේදුනු ඇදහිය නොහැකි තරම් දුර්ලභ වේ . ඉතා කලාතුරකින් දක්නට ලැබෙන අතර බොහෝ විට දිය ඇලි සහ මීදුම සහිත ස්ථානවල සිදු වේ.
ඔබට එය දැකීමට ප්‍රමාණවත් ආලෝකයක් තිබීම සඳහා ආසන්න පුර සඳක් ද තිබිය යුතුය.

