Loading..

භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2023




2023 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය පියරේ අගොස්ටිනි (Pierre Agostini), ෆෙරන්ස් ක්‍රවූස් ( Ferenc Krausz) සහ ඈන් ලුයිලියර් (Anne L’Huillier) වෙත පිරිනැමීමට භෞතික, රසායනික සහ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාග සඳහා නිර්දේශයන් ඉදිරිපත් කරන Royal Swedish Academy of Sciences තීරණය කර තිබෙනවා. ඒ පදාර්ථයන් තුළ පවත්නා ඉලෙක්ට්‍රෝන ගතිකත්වය අධ්‍යයනය කළ හැකි ඇටෝතත්පරයක කාල පරාසයකින් යුතු ප්‍රකාශ ස්පන්දන උත්පාදනය කිරීම වෙනුවෙන් කළ අත්හදා බැලීම් අගයමින්.

නොබෙල් ත්‍යාග කමිටුව සඳහන් කරන්නේ මේ භෞතික විද්‍යාඥයන් තිදෙන ඉලෙක්ට්‍රෝන ශක්තිය හුවමාරු කරගන්නා වේගවත් ක්‍රියාවලිය මානනය කළ හැකි අතිශය කෙටි ආලෝක ස්පන්දන ජනනය කළ හැකි ක්‍රමවේදයක් ලොවට ඉදිරිපත් කර ඇති බවයි. ඔවුන් පරමාණු සහ අණු අතර ඇති අදිසි ඉලෙක්ට්‍රෝන විශ්වය වෙත එබී බලන්නට මිනිසා වෙත නව යෙදවුමක් දායාද කර ඇති බවත් කමිටුව සඳහන් කරනවා.

ත්‍යාගයට හිමි මූල්‍යමය වටිනාකම වන ස්වීඩන් ක්‍රොනර් මිලියන 11 මුදල ‌භෞතික විද්‍යාඥයන් තිදෙනා අතර බෙදී යනු ඇති.

*(ඇටෝතත්පරයක් යනු තත්පරයෙන් කොටස් ක්වින්ටිලියනයකින්, හෙවත් 1,000,000,000,000,000,000 කින් 1 ක්.)




أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...