zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

විශ්මිත අත්දැකීම් ලබන්න බහින්න ඕනි ලෝකයේ තියෙන ස්විමින්පූල් 7 ක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



ස්විමින්පූල් එකකට බහින්න අපි හැමෝම කැමතියි. අද AmazingLK ඔයාලව ලෝකය පුරා තියෙන එක් වරක් හෝ බැහැලා ඒ සුවය විඳින්නම ඕනි වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබන්න පුළුන් ස්විමින්පූල් 7 ක් හඳුන්වලා දෙන්නයි යන්නේ.

01. මරීනා බේ සෑන්ඩ්ස් සිංගප්පූ

7 swimming pools in the world that you must go to get amazing experiences

මෙය පිහිටලා තියෙන්නේ සිංගප්පූරුවේ. මෙය ඔලිම්පික් ජල තටායකයට වඩා තුන් ගුණයක් පමණ විශාලයි. රාත්‍රියට මනස්කාන්ත ආලෝක කදම්බ මගින් ආලෝකමත් වන මේ ජල තටාකය සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රසිද්ධියකට ලක්වෙලා තියෙනවා. ඔයා උස තැන් වලට බියක් දක්වන කෙනෙක් නම් මේ ජල තටාකයේ කෙලවරට යන එක එච්චරම හොද දෙයක් නෙමෙයි. හැබැයි සිංප්පූර් නගරය ඉතාමත් හොඳින් නැරඹීමට හැකි තැනක් තමයි මේ ජල තටාකය. අපට පරිසරයේ සුන්දරත්වය විඳිමින් සැදෑ කාලය ගත කරන්න කියාපු තැනක් තමයි මේ තැන. පොළව මට්ටම්න් සිට මීටර් 200 ක් පමණ උසක තියෙන්නේ. ලොව පුරා ජනප්‍රිය පුද්ගලයන් ඔවුන්ගේ සමාජ මාධ්‍ය හා ඉන්ස්ට්‍රග්‍රෑම් වල මෙහි ඡායාරූප පල කරනවා. ඉතිං ඔබට යම් කිසි දවසක මෙම ජල තටාකයට යන්න හැකියව තිබුනොත් එවැනි ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනෙක්ව හමුවෙන්නත් අවස්ථාව ලැබේවි. හැබැයි මේ ජල තටාකයට බහින්න නම් ඔබට මරීනා බේ සෑන්ඩ්ස් හොටලයේ එක් දිනකට හෝ කාමරයක් වෙන්කර ගන්න වෙනවා.

02. රන් ශක්ති ජල තටාකය

7 swimming pools in the world that you must go to get amazing experiences

මෙය ටිබෙට් රටේ පිහිටලා තියෙන්නේ. ලෝකයේ සියළුම ජල තටාක වලට වඩා මේ ජල තටායේ හරිම ආකර්ශණීයයි. ටිබෙට් රාජ්‍යයේ ලාසා නගරයේ ශාන්ත රෙජිස්ට් හි තිබෙන නිවාඩු නිකේතනයේ තමයි මෙම රන් ශක්ති ජල තටාකය පිහිටලා තියෙන්නේ. කවද හරි මෙම නිවාඩු නිකේතනයට එන්න අවස්ථාවක් ලැබුනොත් හිමාල කඳුවැටියේ මනස්කාන්ත භූ දර්ශන නරඹන්න විතරක් නෙමෙයි රත්තරන් ටයිල් වලින් නිර්මාණය කරන ලද උණුසුම් තටාකයේ පිහිනන්නත් අවස්ථාවක් ලැබේවි. මෙම තටාකයේ සෑම ටයිල් එකකම කැරට් 14 රන් ආලේප කරල තියෙනවා. මෙම හෝටලයේ එක් රැයක් නවාතැන් ගැනීමට ඩොලර් 300 – 500 ක් පමණ මුදලක් ගෙවිය යුතුයි.


03. ගෝල්ඩන් නගට් ඇමෙරිකා

7 swimming pools in the world that you must go to get amazing experiences

අමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ පිහිටා තිබෙන ගෝල්ඩන් නගට් ජල තටාකයත් ඉතාමත් දර්ශනීය ජල තටාකයක්. ඊට හේතුව මේ ජල තටාකයකට බහින පුද්ගලයෙක්ට මෝරුන් වටා පිහිනීමේ අවස්ථාව ලැබෙනවා. මේක ටිකක් භයානක දෙයක් වගේ පෙනුනත් මෝරුන් සිටින ජල කුටිය පිටත ජල තටාකයෙන් වෙන් කරන්න ඝනකම් වීදුරු යොදා තිබෙනවා. මේ නිසා මෝරුන් ඔයා දිහා බලා සිටියත් ඔයා⁣ට බය නැතිව පීනන්න පුළුවන්. ජල තටාකයට අමතරව මෝරුන් සිටින ටැන්කිය හරහා ගමන් කළ හැකි වෝටර් ස්ලයිඩරයක්ද මෙහි පිහටා තියෙනවා. මෙය නිරමාණය කිරීම සඳහා ඩොලර් මිලියන 30 ක් පමණ වැය වෙලා තියෙනවා. ඒ කොහොම වුනත් ලාස් වේගාස් වගේ නගරයක මෙවැනි ජල තටාකයක් තිබීම එම නගරයේ ආකර්ශණය තවත් වැඩි කිරිමට හේතුවක්.

04. විනිවිද පෙනෙන ජල තටාකය ෆීජි

7 swimming pools in the world that you must go to get amazing experiences

ෆීජි දූපත් වලට අයත් ලොකාලා දූපතේ මෙය පිහිටලා තියෙනවා. මේ දූපත පෞද්ගලික දූපතක් විදිහට තමයි තියෙන්නේ. ඔබට ඩොලර් 6000 ක් වගේ මුදලක් එක් රැයකට ගෙවන්න පුළුවන් නම් මේ දූපතේ සියළුම සුඛෝපභෝගී අත්දැකීමක් විඳින්න අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම මෙහි තිබෙන විනිවිද පෙනෙන් ජල තටාකය ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. ඔබට ජල තටාකයේ පීනලා කම්මැලි කමක් දැනෙනවා නම් මෙම දූපතේ ඇති අවන්හල් පහෙන් කැමති අවන්හලකට ගිහින් කැමති විදිහේ ආහාරයක් රස විදීමේ අවස්ථාවත් තියෙනවා.

05. ලේ රතු පාට පුස්තකාල නිවාඩු නිකේතනයේ ජල තටාකය, තායිලන්තය

7 swimming pools in the world that you must go to get amazing experiences

ජල තටාකයක් ගැන හිතත්දී අපට කිසිම දාක ලේ රතුපාට ජල තටාකයක් කල්පනාවට එන්නේ නෑ. ඒ කොහොම වෙතත් තායිලන්තයේ පුස්තකාල නිවාඩු නිකේතනයේ හිමිකරුවන් තැඹිලි, රතු සහ කහ ටයිල් භාවිතා කිරිමෙන් පූල් එක රතු පැහැ ගන්වලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔවුන්ගේ ජල තටාකය කාගෙත් කතා බහට ලක්වෙන ජල තටාකයක්. විශේෂයෙන්ම මෙහි ජලය රුධිරයේ පැහැයෙන් තමයි පේන්නේ. ජල තටාකය රුධිරයේ පැහැය ගත්තත් මෙම නිවාඩු නිකේතනය තායිලන්තයේ දකුණු ප්‍රදේශයේ තිබෙන කීර්තිමත් සහ සුව පහසු නිවාඩු නිකේතනයක් විදිහට සැලකෙනවා.

06. සැන් ඇල්ෆොන්සො ඩෙල් මා

7 swimming pools in the world that you must go to get amazing experiences

මෙය ලෝකයේ දිගම ජල තටාකය ලෙසයි සැලකෙන්නේ. මෙම ජල තටාකය දිගින් කිලෝමීටරයක් පමණ වෙනවා. ඒ වගේම හෙක්ටෙයාර් 8 ක් තරම් විශාලයි. චිලී රාජ්‍යයේ තමයි මේක පිහිටලා තියෙන්නේ. පැසිෆික් වෙරළ තීරයේ ඇති සැන් ඇල්ෆොන්සො ඩෙල් මා නිවාඩු නිකේතනයට තමයි මෙය අයිති. මෙය පිරවීම සඳහා ජලය ගැලුම් මිලියන 200 ක් පමණ අවශ්‍ය වෙනවා. පූල් එක ඉතා විශාල නිසා බෝට්ටු වලින් යාත්‍රා කිරිමටත් තටාකයේ ගැඹුරු කෙළවරේ පිහිනීමටත් සර්ෆින් වැනි ජල ක්‍රීඩා වල යෙදීමටත් හැකියාව ලැබිලා තියෙනවා. සාගරයේ කිමිදීම හා සමාන අත්දැකීමක් ලබා දෙන මෙම ජල තටාකය සාගරයේ කිමිදීමට වඩා ආරක්ෂිතයි. හැබැයි මෙහි ඇති ගැඹුර නිසා ජීවිත ආරක්ෂකයින් මෙහි රදවා සිටිනවා.

07. යුනෙසන් විනෝද උද්‍යානයේ පිහිටි ස්පා ජල තටාකය

7 swimming pools in the world that you must go to get amazing experiences

ජපනා හපනා කියල ලෝකයම දන්නවා, මෙයත් ජපනාගේ අමුතුම වැඩක්. ජපානයේ හකෝන්හි තමයි මේක තියෙන්නෙ. යුනෙසන් කියන්නේ විනෝද උද්‍යානයක් වගේම ස්පා එකක්. ඔයාලගේ සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් මෙම උද්‍යානය නිර්මානය කරලා තියෙනවා. මෙම උද්‍යානයේ උණුසුම් ජල තටාක 23 ක් තියෙනවා. මෙම ජල තටාක සාමාන්‍ය ජල තටාක වලින් වෙනස් වෙන්නේ ඒවායේ අන්තර්ගත වන්නේ ජලය පමණක්ම නොවන නිසයි. කෝපි, හරිත තේ, වයින්, සකේ වැනි එකිනෙකට වෙනස් දියර වර්ග වලින් මෙම තටාක පුරවා තියනවා. මේවායින් ඔබේ ශරීර සංවේදනයන් සක්‍රිය වෙලා ශරීරය සුවපත් වෙනවා කියලා තමයි කියන්නේ. මෙම තටාකයේ ජල ස්නානය කිරීමෙන් සමට පෝෂණයක් ලැබෙනවා කියලයි ජපන් ජාතිකයන් පවසන්නේ. හැබැයි මෙම ජල තටාක වල බොහේ දෙනා ස්නානය කරන නිසා මේවා බොන එක නම් ඇඟට එතරම් හොඳ වෙන එකක් නෑ.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!