zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

දකුණු අප්‍රිකාවේ සිට රුසියාව දක්වා පයින් ගමන් කර පැය 4310 කින් ළගා වෙන්න පුළුවන් ලොව දිගම මාර්ගයේ සුවිශේෂි දේවල්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


ලෝකයේ පයින් ගමන් කරන්න පුළුවන් දිගම මාර්ගය රටක් ඇතුලේ තියෙන්න පුළුවන් වුනත් රටවල් කීපයක් හරහා වැටිල තියෙනව කිව්වොත් පුදුම වෙන්න එපා. ඇත්තටම එහෙම පාරක් තියෙනවා. අපි ඒ පාර දිගේ රවුමක් ගිහින් බලමු.


01. පාරේ පටන් ගැන්ම සහ දිග

World's longest road

මුහුද හරහා හෝ වෙනත් සැලකිය යුතු බාධකයක් නැතිව පයින් ගමන් කරන්න පුළුවන් ලොව දිගම මාර්ගය වන්නේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට රුසියාවේ මගදන් දක්වා වැටිල තියෙන මාර්ගයයි. මුළු දුර සැතපුම් 14,334ක් (කිලෝමීටර් 23,068ක්) වෙනවා.

02. මේ මාර්ගයට අයිති රටවල්

World's longest road

මෙම මාර්ගය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට රුසියාවේ මගදන් දක්වා සූවස් ඇළ,තුර්කිය,මධ්‍යම ආසියාව සහ සයිබීරියාව හරහා වැටිල තියෙන්නේ. විවිධ රටවල් 16ක් හරහා ගමන් කරන ගමන් මාර්ගයක් විදියට තමයි සඳහන් වෙන්නේ. ඔයා මේ පාර හරහා යනවා නම් රටවල් 16ක්, වේලා කලාප හයක් සහ සියලුම කාලවල් හරහා ගමන් කරනවා.

ආක්ටික් මාවත, ස්කැන්ඩිනේවියාව – ආක්ටික් කවයට ඉහළින් පිහිටා ඇති මෙම මාර්ගය ෆින්ලන්තය, ස්වීඩනය සහ නෝර්වේ හරහා ගංගා නිම්න, විවෘත ආක්ටික් ටුන්ඩ්‍රා සහ කඳුකර භූමි ප්‍රදේශ හරහා ගමන් කරනවා. ඒ වගේම අප්‍රිකාවේ රිම්,දකුණු අප්‍රිකාව – අප්‍රිකාවේ දකුණු මායිමේ කේප් කඳුකරය හරහා දැනට පවතින මංපෙත් සම්බන්ධ වෙනවා.

ලෙබනන් කඳු මංපෙත, ලෙබනනය – උතුරේ සිරියානු දේශසීමාවේ සිට දකුණේ ඊශ්‍රායල දේශසීමාව දක්වා රටේ කොඳු නාරටිය දිගේ දිවෙන මාර්ගට කොරිඩෝව කඳුකර ගම්මාන 70 කට වඩා සම්බන්ධ කරනවා.

03. සම්පූර්ණයෙන් ගමන නිමා කරන්න ගතවෙන කාලය

World's longest road

සාමාන්‍යයෙන් පයින් ඇවිදල මේ පාරෙ අවසානයට ළඟා වෙන්න පැය 4,310 ක් ගත වෙනවා. නොනවත්වාම ඇවිදිනවා නම් දින 187 ක් ගතවෙනවා. දවසකට පැය 8 ක් ඇවිදීමෙන්. දින 561 ක් මේ ගමන අවසන් කරන්න පුළුවන්. මුළු මාර්ගයම පාලම් සහිත මාර්ග වලින් සමන්විත වන නිසා කිසිම අවස්ථාවක ගඟක් හරහා යාත්‍රා කිරීමට කුඩා ඔරුවක් පවා භාවිතා කිරීමට වෙන්නේ නෑ.

04. මාර්ගයේ ගමන් කරන කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕන දේවල්

World's longest road

 

Global Rescueහි වෛද්‍ය මෙහෙයුම් අධීක්ෂක ජෙෆ්රි වෙයින්ස්ටයින් මේ පාර සම්බන්ධයෙන් මොහෙම කියනවා. “මෙතරම් දුරක් ඇවිදීම කළ නොහැකි දෙයක් නොවේ. නමුත් කළ හැකි දෙයක් සහ ඉටු කළ හැකි දෙයක් අතර විශාල වෙනසක් තිබේ. මෙම ගමනට බොහෝ සංකීර්ණ බාධක තිබේ”

කාන්තාර හරහාත් පාර වැටිල තියෙන නිසා කාන්තාරයක ගමන් කරන අයෙක්ට අවශ්‍ය ආම්පන්න, ඒ වගේම වැස්සට අවශ්‍ය වැසි ආම්පන්න, ඒ වගේම ආහාර, වතුර, බේත් හේත්, සෞඛ්‍යාරක්ෂිත දේවල්, පාවහන් යුගල් කීපයක්. ආහාර හදාගන්න අවශ්‍ය දේවල් මේ ගමනට ලෑස්ති කර ගන්න අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට කිසි කෙනෙක් දකින්නවත් නැති ප්‍රදේශ හරහාත් ගමන් කරන්න වෙනවා. ඒ නිසා සත්තුන්ගෙන් වෙන හානිය සහ බෙහෙත් හේත් ආදියත් අරන් යන්න ඕනි. මේ මාර්ගය සිම්බාබ්වේ හරහාත් වැටිල තියෙනවා. ලෝකයේ මාරාන්තික සර්පයන්ගෙන් එකෙක් වන කළු මාම්බාගේ නිවහන තමයි සිම්බාබ්බේ කියන්නේ. ලොව වැඩිම මැලේරියා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ උගන්ඩාවෙනි. දකුණු සුඩානය සන්නද්ධ මංකොල්ලකෑම්, පහරදීම් සහ පැහැරගැනීම් වලින් පීඩා විඳි ලෝකයේ භයානකම රටක්. සිරියාව සිවිල් යුද්ධයක් තියෙන රටක්. ඒ නිසා මේ රටවල් හරහා යන්න වෙන නිසා අවධානයෙන් යුතුව දේවල් පිළිබඳ සොයා බලන්න වෙනවා.

ඒ වගේ දරිද්‍රතාවයෙන් පෙළෙන, තුන්වන ලෝකයේ රටවල් හරහාත් ගමන් කරන්න වෙනනා. “මිනිසුන් සොරකම් කිරීමට, ප්‍රයෝජන ගැනීමට, පැහැර ගැනීමට හෝ මරා දැමීමටත් පුළුවන්. ඒ නිසා ගමන් කරන්නාගේ පාලනයෙන් පිටත බොහෝ අවදානම් ⁣තියෙනවා.


05. වෙනත් පොදු බාධා

World's longest road

රටවල් 16ක් හරහා ගමන් කරන්න වෙන නිසා ඒ සියළුම භාෂා භාවිතය ගැන අපට දැනුමක් නැති නිසා පොදුවේ භාෂා ප්‍රශ්නය මතු වෙනවා. ඒ වගේම එකම මුදල් වර්ගයක් භාවිතා නොකරන නිසා මුදල් වෙනස් කිරීමට සිද්ධ වෙනවා. වතුර නැත්තටම නැති, අපිරිසිදු ජලය තියෙන ස්ථාන හමුවෙනවා. ඒකත් පොදු ගැටළුවක්. අධික වෙහෙස අනිවාර්යෙන් ඇති වෙන්න පුළුවන්.
ජීවිතයට තර්ජනයක් වන තුවාල හා රෝගාබාධ වලටද ගොදුරු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා.

කොහොම නමුත් ලෝකයේ වැඩි රටවල් ප්‍රමාණයක් සම්බන්ධ කරන මේ මාර්ගය ලෝකය එකම ගම්මානයක් කිරීමට සැරසෙන අත් පවුරක් බවට පත් වෙන බවනම් කියන්නම ඕනේ.


X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!
Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign