zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

NASA ආයතනයෙන් UFO වාර්තාවක් එළියට

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



NASA ආයතනය UFOs ලෙස පොදු ව්‍යවහාරයේ පවතින හඳුනා නොගත් අසාමාන්‍ය සංසිද්ධීන් හෙවත් Unidentified Anomalous Phenomena පිළිබඳ ව පිටු 36කින් යුතු වාර්තාවක් එළිදක්වනු ලැබුණා. ඒ සඳහා ම පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවක් NASA හි UFO අධ්‍යයන කණ්ඩායමේ සහභාගීත්වයෙන් ඊයේ දිනයේ දී පැවැත්වුණා.

UFO දර්ශනය වීම් සිය ගණනක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව NASA පැමිණ ඇති නිගමනය වන්නේ ඒවා කිසියම් පිටසක්වළ බුද්ධියකින් මෙහෙයවෙන බව පැවසීමට ප්‍රමාණවත් සාධක නොමැති බවයි.

නමුත් NASA ආයතනය දිගින් දිගට ම මෙම විෂය පථය තුළ විමර්ෂණ කටයුතු සිදු කරන බවත් ඒ සඳහා වැඩිදියුණු කරන ලද තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට කටයුතු කරන බවත් එහි දී පෙන්වා දෙනු ලැබුණා. NASA ප්‍රධානී Bill Nelson සඳහන් කර තිබුණේ ඔවුන් UAP සංසිද්ධීන් අධ්‍යයනයෙහි පෙරමුණ ගනු ඇති බව පමණක් නොව, හෙළි කරගන්නා තොරතුරු පිළිබඳ වඩාත් විනිවිද භාවයකින් යුතු ව කටයුතු ද කරනු ඇති බවයි.

වාර්තාවේ අවසන් පිටුවේ දැක්වෙන්නේ UAP දර්ශනය වීම් පිටුපස පිටසක්වළ මූලාශ්‍රයක් පවතින බව ‘නිගමනය කිරීමට හේතුවක් නොමැති’ බවයි. ‘කෙසේ නමුත්… එවැනි වස්තූන් මෙහි පැමිණීමට අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කළා විය යුතුයි’ යනුවෙන් ද එහි සඳහන්.

වාර්තාවෙන් පිටසක්වළ ජීවයක පැවැත්ම තහවුරු කෙරුණේ නැතත්, ‘පෘථිවි වායුගෝලය තුළ ක්‍රියාත්මක විය හැකි නො දන්නා පිටසක්වළ තාක්ෂණයක’ සම්භාවිතාව ද NASA ප්‍රතික්ෂේප කර තිබුණේ නැහැ.

NASAහි විද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහකාර ප්‍රධානී Nicola Fox සඳහන් කළේ UAP පෘථිවිය මත පවතින සුවිශාලම අභිරහස වීමට හේතු වී තිබෙන්නේ ඒ කෙරෙහි ඇති ගුණාත්මක දත්ත අහේනිය නිසා බවයි.

මෙහි දී BBC මාධ්‍යවේදියෙකු විසින් මෙක්සිකෝවේ කොංග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු පිටසක්වළ ජීවීන් දෙදෙනෙකුගේ යැයි පැවසූ මෘත ශරීර දෙක ගැන ද ප්‍රශ්නයක් නැඟුවා. ‘නියැදි ලෝකය පුරා විද්‍යාත්මක සමාජය වෙත විවෘත කරන්න. අපි එතකොට බලාගමු එතන මොනවා ද තියෙන්නෙ කියලා.’ ඒ වෙත පිළිතුරු ලබා දෙමින් NASA විද්‍යාඥ ආචාර්ය David Spergel කෙටි පිළිතුරක් ලබා දුන්නා.

BBC ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි




Join our Whatsapp Group To get latest updates and superior service ✅
2 comments

2 comments

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    September 17, 2023 at 9:02 AM
    මේ ගැන තවත් Articles ඕනී..😁
    • Anonymous
      Shadila
      September 17, 2023 at 9:15 AM
      Hari hari dennamko..😂
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!