Loading..

පිටසක්වලයින් පිලිබඳව සොයන්නට සැරසෙන සූදානම

 



පිටසක්වල ජීවයක් පවතින බව තමන් ද විශ්වාස කරන බව නාසා ආයතනයේ ප්‍රධානි බිල් නෙල්සන් සඳහන් කළේ ය.

ඒ ඊයේ (14) වොෂින්ටනයේ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය.

එමෙන්ම හඳුනා නොගත් පියාසර වස්තූන් හා ඒ හා සමාන සංසිද්ධි පිළිබඳව විමර්ශනය සඳහා නව අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමට පියවර ගත් බව ඔහු සඳහන් කළේ ය.

ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් නාසා ආයතනයේ ප්‍රධානියා හෙළි නොකර ඇති බව වාර්තා වේ.

පසුගියදා මෙක්සිකෝවේ දී පිටසක්වල ජීවීන්ගේ සිරුරු දෙකක් පළමුවරට ප්‍රසිද්ධියේ නිරාවරණය කිරීම හේතුවෙන් පිටසක්වල ජීවින් පිළිබඳ ගවේෂණ ගැන ලෝකය අවධානය යොමුකිරිම අලුත් කර තිබෙනවා.

මෙලෙස ප්‍රසිද්ධියට පත් කළේ 2017 වසරේ පේරු රාජ්‍යයෙන් හමු වූ පිටසක්වල ජීවින්ගේ සිරුරු දෙකක් ය.

එම සිරුරු වසර 700ත් 1800ත් අතර කාලයක පැරණි බවට හඳුනා ගෙන තිබෙනවා.

Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.