Loading..

පෘථිවියේ තියෙන පෘථිවියටත් වඩා පරණ පාෂාණය.




අපේ පෘථිවිය නිර්මාණය වෙලා තවමත් ගෙවිලා ගිහින් තියෙන්නේ වසර බිලියන 4.5ක කාලයක් විතරයි. ඒත් ඔය උඩ තියෙන Murchison කියන උල්කාපාතය පෘථිවියටත් වඩා පැරණි උල්කාපාතයක්. මේක පෘථිවියේ තියෙන පැරණිම දේ කියලා කියන්නත් පුලුවන්. මේ උල්කාපාත පාෂාණය සොයාගත්තේ 1969 දී ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මර්චින්සන් අසලට කඩාගෙන වැටුනු උල්කාපාතයකින්. 2020 ජනවාරී මාසයේදී විශ්ව රසායනඥයින් ප්‍රකාශ කරපු විදිහට පෘථිවියේ තිබෙන පැරණිම ද්‍රව්‍ය වන්නේ මේ උල්කාපාතයේ ඇති සිලිකන් කාබයිට් අංශු, ඒ අනුව මේ පාෂාණයේ සිලිකන් කාබයිට් අංශු වසර බිලියන 7ක් පමණ පැරණී. ඒ කියන්නේ මේ පාෂාණය අපේ පෘථිවියට විතරක් නෙවේ අපේ සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පැරණියි. මේ පාෂාණය අන්තර් තාරකා අවකාශයේ ඇතිවුනා කියලා විශ්වාස කරනවා. 

Previous Next

Top Post Ad


නවතම ලිපි...