zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මෙක්සිකෝ කොන්ග්‍රසයේදී ඉදිරිපත් කළ පිටසලක්වළ ජීවී මළ සිරුරු වල සත්‍ය අසත්‍ය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



මෙක්සිකෝව විසින් කොන්ග්‍රසයකදී පිටසක්වල මළ සිරුරු ඉදිරිපත් කිරීම මේ වෙද්දි මුළු ලෝකෙම කැළඹිලා යන්න තරම් හේතුවක් වුණා.

ඉතින් ඇත්තටම මේ මළ සිරුරු පිටසක්වළ ජීවින්ගෙද ?

ඔයාලට මතක ඇති අපි මීට කලින් ආටිකල් එකකින් ගෙනාවා එක්සත් ජනපද කොන්ග්‍රසයකදී ඇමරිකානු හිටපු හමුදා සාමාජිකයින් තිදෙනෙක් පිට සක්වළ ජීවින් ගැන සිදු කරපු පාපොච්චාරණයක් ගැන. ඉතින් ඔය නිව්ඩ් එකට කලින් වගේම පස්සෙත් UFO සීන් ගැන ඇමරිකාව එක එක නිව්ස් ගෙනාවා. ඔයාලා news ගැන හොයන කෙනෙක් නම් මේ ගැන අනිවාරෙන් දන්නවා ඇති. ඉතින් ඔය සිද්ධි යන අතරතුරේ මෙක්සිකෝ කොන්ග්‍රසයේදි අද දවල් පිටසක්වළ මළ සිරුරු දෙකක් ප්‍රදර්ශණයට පත් කරලා තිබ්බා.

මෙක්සිකෝ කොන්ග්‍රසයේදි ප්‍රකාශ කළ කරුණු කිහිපයක් පහළ දැක්වෙනවා.

වසර 1,000ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙන මේ මළ සිරුරු සොයාගෙන තිබුණේ පේරු රාජ්‍යයේ කුස්කෝ ප්‍රදේශයෙන්.

මෙම නිදර්ශක මෙක්සිකෝ ජාතික ස්වයංක්‍රීය විශ්ව විද්‍යාලයේදි විද්‍යාඥයන් විසින් මෙම නිදර්ශක වල DNA සාම්පල ලබා ගෙන තිබෙන අතර එම DNA වලින් 30%කට වඩා ඔවුන් නොදන්නා බවට ප්‍රකාශ කර තිබෙනවා.

එක් සිරුරක් ඇතුළත බිත්තර තිබුණ බවත්, සිරුරු දෙකෙහිම ඔස්මියම් ඇතුළු අතිශය දුර්ලභ ලෝහ වලින් සෑදූ බද්ධ කිරීම් තිබුණු බවත් ප්‍රකාශ කර තිබෙනවා.


දැන් අපි බලමු මේ සිද්ධිය අසත්‍ය වෙන්න මොනාද තියෙන කරුණු කියලා.

මේ සාක්ෂි ඉදිරිපත් කරන්න ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන්නේ දශක ගණනාවක ඉදලා UFOs සහ පිටසක්වළ ජීවින් ගැන විමර්ශණය කරන මාධ්‍යවේදියෙක් වෙන Jaime Maussan කියන පුද්ගලයා.

මොහු මීට කලින් පිටසක්වළ ජීවින් ගැන ව්‍යාජ ප්‍රකාශයන් කිහිපයක්ම සිදු කර තිබෙනවා. 2017 වසරේදි පේරු හී සොයාගත් මමී 5ක් විශ්ළේශණය කරන්න මවුසාන් සම්බන්ධ වෙනවා වගේම පසුව, පිටසක්වල සොයාගැනීමක් ලෙස සඳහන් කරපු මේ මමී ශරීර කුඩා මිනිස් දරුවෙකුගේ බව සොයාගෙන තිබෙනවා.

තවත් මතභේදාත්මක කරුණක් වෙන්නේ මෙය නිළ කොන්ග්‍රසයක් නොවන බවත් මෙම මාතෘකාව ගැන උනන්දු වන පුද්ගලයින් කිහිපදෙනෙකු පමණක් සම්බන්ධ වුණ පෞද්ගලික උත්සවයක් පමණක් බවටයි. මෙම කරුණේදීත් ඔවුන් සඳහන් කරන්නේ මවුසාන් විසින් මීට පෙර පිටසක්වළ ජීවීන් ගැන ව්‍යාජ ප්‍රකාශ සිදු කළ බවයි. ඒ වගේම මේ සාක්ෂි වල ගුණාත්මකබාවය ගැනත් ඔවුන් ප්‍රශ්ණ කරනවා.

ඒ වගේම තවත් මූළාශ්‍ර තර්ක කරන්නේ මෙම සිරුරු පේරු රාජ්‍යයෙන් සොයාගත් පැරණි මමී වලට සමාන බවත්, මෙම පිටසක්වළ ජීවී මළ සිරුරු ලෙස සඳහන් කරන්නේ වෙනස් කරන ලද එම මිනිස් අවශේෂ බවටයි.
මේවා විශාළ ප්‍රෝඩාවක හෝ වංචාවක කොටසක් බව ඔවුන් සඳහන් කරනවා.

ඒවගේම DNA සහ ලෝහ ගැන සිදු කළ ප්‍රකාශවල කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවත්, මේවා සැබෑ පිටසක්වල මළ සිරුරු නොවන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

මෙම මෙක්සිකෝ ප්‍රකාශ ගැන ඇත්ත නැත්ත මොකක් වුණත් මේ සිද්ධිය ලෝකයේ ලොකු කතා බහක් ඇති කරලා තියෙනවා.

ඉතින් මේ සිද්ධිය ගැන ඉස්සරහට වැදගත් සාක්ෂි එනකම් හරි නිගමනයක් ප්‍රකාශ කරන්න මොන රටටත් ටිකක් අමාරු වෙයි

X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?

Ad Blocker Detected :(

Please consider supporting us by disabling your ad blocker.

Please Disable your adblocker and Refresh the page to view the site content.


Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!

Ad blocker detected!

We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.

Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign