සාමාන්‍යයෙන් වකුගඩු ලෙෆ්ට් වෙනවා කියලා ඔයාලා කියන්නෙ බඩ ඇඹරෙන්නම හිනා යන සීන් එකක් උණාම නේ. ඒත් ඇත්තටම වකුගඩු ලෙෆ්ට් වෙන්නෙ මෙහෙමයි. ඔයාලා ගොඩක් මේ ගැන හරියටම දන්නෙ නැතිව ඇති.
ලෙප්ටොස්පයිරෝසිස් යනු ලොව පුරා බහුලව දක්නට ලැබෙන zoonotic රෝගයකි (zoonotic - සාමාන්‍යයෙන් සතුන් තුළ පවතින නමුත් මිනිසුන්ට ආසාදනය විය හැකි රෝගයකි). එය මිනිසුන්ට සහ සතුන්ට ආසාදනය කළ හැකි ලෙප්ටොස්පිරා කුලයට අයත් කිරළ ඇබ හැඩැති බැක්ටීරියා නිසා ඇති වන බැක්ටීරියා රෝගයකි. මෙම රෝගයෙහි රෝග වාහකයා වන්නේ බොහෝ විට මීයායි.අදාල බැක්ටීරියාවා මීයාගේ මුත්‍රා වල සිටින අතර මෙම රෝගය නිවර්තන හෝ උපනිවර්තන දේශගුණය තුළ බහුලව දක්නට ලැබේ. මිනිසුන් තුළ ලෙප්ටොස්පයිරෝසිස් රෝග ලක්ෂණ රාශියක් ඇති කළ හැකි අතර මෙම රෝගය කෙළින්ම බලපාන්නේ වකුගඩු වලටය

