Loading..

හොල්මනක් වූ ආදරය


 

1830 ගණන්වල ෆ්ලොරිඩාවේ එලිසබෙත් ජේන් නම් යුවතිය ප්‍රාදේශීය දේශපාලනඥයා වන ආචාර්ය සැමුවෙල් සී බෙලමි සමඟ විවාහ විය. ඔවුන්ගේ මංගල රාත්‍රියේදී, ඇගේ ඇඳුම අහම්බෙන් ගින්නට හසු වූ අතර, එනිසා තරුණ මනාලිය බිහිසුණු පිලිස්සුම් තුවාල ලැබීය. මුලදී ඇය දිවි ගලවා ගත් නමුත් දින කිහිපයකින් මිය ගියාය. එලිසබෙත්ගේ සිරුර චිපෝලා ගං ඉවුරේ තැන්පත් කරන ලද අතර, ඇගේ ස්වාමිපුරුෂයා කෙරෙහි ඇගේ ආදරය කොතරම් ශක්තිමත්ද යත්, ඇගේ ආත්මයට වෙනත් සිරුරක් සොයා යාමට නොහැකි විය. එම නිසා අදටත් මනාලියගේ ආත්මය සුදු ඇඳුමින් සැරසී, චිපෝලා පාලමේ සිට ඉවුර දක්වා ඇවිදිමින් සිටිනු දැකිය හැකිය. පුද්ගලයන් රැසක් මැයව දැක ඇති අතර අධික භීතිය නිසා ඉන් සමහරක් මිය ගොස් ඇත.

ආදරේ සෙල්ලමක් නෙවේ..
Previous Next

Top Post Ad


නවතම ලිපි...