Loading..

කුරුලෑ වළක්වා ගැනීම සදහා නිවසේදීම කළහැකි ස්වාභාවික ප්‍රතිකර්ම කීපයක්

 



1) නැවුම් දෙහි යුෂ කුරුලෑ සහ කළු ලප මත ආලේප කිරීම.

2)නැවුම් කොත්තමල්ලි කොළ යුෂ තේ හැඳි 1ක්, කහ කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍ර කර, කුරුලෑ සහ කළු ලප මත ආලේප කරන්න. එක රැයක් තබා පසුදා උදෑසන මෘදු ලෙස සෝදා හරින්න.

3)නැවුම්, ළපටි කරපිංචා කොළ පේස්ට් එකක් සාදා ආලේපකර, රැයක් තබා උදෑසන උණුසුම් ජලයෙන් සෝදාහරින්න.

4)නැවුම් කිරි සමග සාදික්කා පේස්ට් එකක් සාදා, කුරුලෑ මත ආලේප කර විනාඩි 20ක් හෝ එක රැයක් තබන්න. මුහුණ පැහැදිලි වන තුරු දින 10-12 ක් දිගටම කරගෙන යන්න.

5)වියළි සම සඳහා සඳුන් කැබැල්ලක්, අමු කිරි බිංදු කිහිපයක් සමඟ ගල ගා ,ආසාධනයට ලක් වූ ප්‍රදේශවල පේස්ට් එක ආලේප කර , පැයක් තබා අනතුරුව මෘදු ලෙස සෝදා හරින්න.

6)තෙල් සහිත සම සඳහා සුදු හඳුන් සහ රෝස වතුර තලපයක් සාදා, ආසාධනයට ලක් වූ ස්ථානවල ආලේප කර පැයක් පමණ තබා මෘදු ලෙස සෝදා හරින්න.

7)මී පැනි හා රෝසවතුර මිශ්‍රණය ආලේප කර, පැයක් තබා සෝදා හරින්න. සම පිරිසිදු වේ. සමේ තෙතමනය පවත්වාගනී.

☘8)නැවුම් මහදුරු කොළ තලපයක් සාදා ආලේප කර රැයක් තැබීමෙන්ද කුරුලෑ ඉවත් වේ.


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...