ඒ කොහොමද?🤔🤔
අපේ පෘථිවිය නිර්මාණය වුණු දවසේ පෘථිවියේ තිබ්බ ජල පරිමාව තමයි අදත් පෘථිවියේ තියෙන ජල පරිමාව.පෘථිවියේ තියෙන ජල පරිමාව නියත අගයක් ඒක වෙනස් වෙන්නේ නෑ.
ඉතින් ඔයා හිතනවා ඇති ඒ කතාව කොහොමද මෙතනට සම්බන්ධ උනේ කියලා.
මෙහෙමයි මීසොසොයික් යුගයේ තමයි ඩයිනෝසරයන් බිහි වෙන්නේ.ඒ කියන්නේ මීට වසර මිලියන 252 කට පෙර.ඒ කාලේ හිටපු මුළු ඩයිනෝසරයන් ගාන බීපු වතුර පරිමාව එකතු කරොත් ඒ පරිමාව පෘථිවියේ තියෙන ජල පරිමාව ඉක්මවා යනවා.ඒ කියන්නේ මේ ලොකේ කිසිම ජල අණුවක් නෑ ඩයිනෝසරයෙක් බීලා මුත්‍රා නොකරපු.
ඒ කියන්නේ අපි දැන් බොන වතුර ඉස්සර කවදහරි දවසක ඩයිනෝසරයෙක් බීලා මුත්‍රා කරපුවා තමයි😅.

