Loading..

වෙරළාසන්නව ගැවසෙන වාහන ඉක්මණින් මලකඩ කන්නෙ ඇයි කියලා ඔයා දැනං හිටියද ?


 



මලකඩ ගැනීම යනු ලෝහ පරමාණු බාහිර පරිසරය සමඟ ප්‍රතික්‍රියා කරන විට සිදුවන විඛාදනයේ සුලභ ආකාරයකි. ලුණු වතුර නිසා ලෝහ මලකඩයක් සෑදෙන්නේ නැත. නමුත් එය මලකඩ කෑමේ ක්‍රියාවලිය වේගවත් කරයි. මන්ද, පිරිසිදු ජලයට වඩා ලවණ ජලයේ ඉලෙක්ට්‍රෝන පහසුවෙන් ගමන් කරන නිසාවෙනි.

යකඩ හා ජල වාෂ්ප එකට තිබීමත් සමඟ මලකඩ කෑම සිදු වේ. වෙරළාසන්නජල වාෂ්ප ඉතා වැඩි ප්‍රමාණයක් තිබෙන අතර ඊට අමතරව වෙරළාසන්න පරිසරයේ සුලභව සෝඩියම් ක්ලෝරයිඩ් (ලවණ) අන්තර්ගත වේ. තෙතමනය සහ ලුණු යන දෙකම සාගරය අසල යකඩ සමඟ මල බැඳීමේ ගැටළු වලට දායක වේ.

මෙකී සං‍යෝග වලින් සපිරුණු ජල වාෂ්ප යකඩ පෘෂ්ඨයක් මත පතිත වූ විට ඉතා ඉක්මණින් මලකඩ කෑමේ ක්‍රියාවලිය සිදු කරගෙන යයි. වෙරළාසන්න නිවෙස් වල පවතින වාහන මෙන්ම වෙනත් ලෝහ වස්තූන් සාපේක්ෂව වඩාත් වේගයෙන් විඛාදනයට ලක් වන්නේ මේ නිසා ය.



أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...