Loading..

අනාචාරය තුළ සතුට සොයා ගිය අධිරාජනිය මෙසලිනා වැලරියා


 

 ✳ එවකට සමාජයේ කිසියම් කාන්තාවක් මෙසලිනා වැලරියා කෙනකු ලෙස සමච්චලයෙන් හැඳින්වූයේ නම් ඒ ඉතාම සදාචාර විරෝධී,ලිංගික අතෘප්තියෙන් පෙළුණු කාන්තාවක් බවට ඇඟවීමට යි.
 
  ✳ ඇගේ කාලයේ සිටි කාන්තාවන් අතර ඇය වඩාත් ම සිත් ඇදගන්නා මනලෝලී සුරූපී සුන්දර කාන්තාවක් විය.

 ✳ මෙසලිනාට පෙම්වතුන් සියයත් දෙසීයත් අතර ප්‍රමාණයක් සිට ඇත.ඇගේ ප්‍රියත ම විනෝදාස්වාදන කටයුතුවලින් ප්‍රමුඛ කටයුත්ත වී තිබුණේ තම සැමියා වූ රෝම අධිරාජයා වන ක්ලෝඩියස් රාත්‍රී නින්දට වන් සැණින් කාටත් හොරා වෙස් වලාගෙන අධිරාජ මාලිගයෙන් පිට ව යාම ය.

   ✳ ඇය යන්නේ ගණිකාවන් සේවයේ යෙදී සිටි ගණිකා නිවාසයක් වෙත ය.  බහු පුරුෂ ඇසුර දිගු රාත්‍රියක් පුරා විඳ ගන්නා ඇය පසුදා පහන්වන හෝරාවට නැවත අධිරාජ මාලිගයට පැමිනෙන්නී ය. වරෙක ඇය සුප්‍රසිද්ධ රෝම ගණිකාවක් සමග තරගයකට පවා සහභාගි වූ බව වාර්තාවල සඳහන් ය. තරගය වූවේ පැය විසිහතරක් තුළ ඔවුන් දෙදෙනා අතරින්, වැඩි ම පිරිමින් ප්‍රමාණයක් සමඟ යහන්ගත වන්නේ කවුදැයි යන ඔට්ටුව යි. මෙසලිනා එයින් ජය ලබන්නේ පැය විසිහතරක් තුළ පිරිමින් විසිපස් දෙනකු සමඟ එක්වීමෙනි.


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...