Loading..

A/C එකක් ඇත්තටම වැඩ කරන්නෙ කොහොමද කියලා ඔයා දැනං හිටියද ?







බොහෝ දෙනා සිතා සිටින්නේ වායු සමීකරණ යන්ත්‍රයක් මඟින් සාමාන්‍ය පරිසරයේ ඇති වාතය උරාගෙන එය සිසිල් කර නැවත අපට ලබා දෙන බව වුවත් ඇත්ත වශයෙන්ම වායු සමීකරණ යන්ත්‍ර උණුසුම් වාතය සිසිල් නොකරයි. ඒ වෙනුවට ඔවුන් උෂ්ණත්වය අඩු , සිසිල් වායු නිර්මාණය කිරීම සඳහා පරිසරයේ පවතින වායුවේ ඇති තාපය ඉවත් කරයි (තාපය උරාගනී).

ඔබේ නිවසේ වායු සමීකරණ යන්ත්‍රයක් ඇත්නම් සිවිලිම හෝ බිත්තියක විවරයන් අතරින් පිටතට හමා යන වාතය ඉතා සිසිල් බැවින් ඒවා අධිශීතකරණයක් හරහා ගොස් ඇති බවක් හැඟුණද, ඇත්ත වශයෙන්ම ඒ වාතයේ ඇති තාපය ඉවත් කර ඇති නිසා ය.

තවද අපට වායු සමන යන්ත්‍රයෙන් සීතල දැනීමට හේතු වන තවත් එක් සාධකයක් ඇත. එනම් එමඟින් දහඩිය නිසා අපගේ සිරුර අවට පවතින ජල වාෂ්ප ඉවත් කිරීම වේ. ජල වාෂ්ප ඉවත් නොකළ විට අපට සීතලක් නොදැනෙන අතර (ෆෑන් එක දැම්මහම සීතලක් එන්නෙ නැහැ නෙ) එවිට අපට අවටින් සුලං හමනු පමණක් දැනේ🫠.


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...