zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මිනිසුන්ට දරාගත නොහැකි වේදනාවක් විඳින ඕස්ට්‍රේලියානු දැරිය.....

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 




මේ රූපයේ ඉන්නේ Bella Macey නම් දස හැවිරිදි ඕස්ට්‍රේලියානු දැරිය.මෙම දැරිය Complex regional pain syndrome හෙවත් CPRS නම්වූ මිනිසෙකුට දරාගත නොහැකි දුර්ලභ රෝගයකට ගොදුරු වී තිබෙනවා.නිවාඩුවක් ගත කිරීමට ගිය අවස්ථාවකදී පාදයේ ඇති වූ බිබිලි කිහිපයක් සමඟ මෙම තත්වය ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් මෙම දැරිය අද වන විට ඉතා අසීරු තත්වයකට පත් වී තිබෙනවා.මේ වන විට ඇයගේ දකුණු පාදයේ නිදන්ගත වේදනා තත්වද මතු වී ඇති අතර ඇය පවසන්නේ තමන්ට පාදය දැවී හිරිවැටෙන මෙන් දැනෙන බවයි.

මෙම අධික වේදනාව නිසා ඇයට මේ වන විට ඇවිදීමටවත් නොහැකි වී ඇති අතර තමන්ගේ ජීවිතයේ වටිනාම කාලය එකතැන් වී ගත කිරීමට ඇයට සිදුවී තිබෙනවා.මෙම වේදනාකාරී තත්වය නිසා ඇයට නෑමටවත් නොහැකි අතර පාදයට කොළයක් ස්පර්ශ වුවද ඉතා අධික වේදනාවක් ඇති වන බවයි Bella පවසන්නේ.

ඇයට මේ රෝගය නිසා ඖෂධ 18ක් පමණ දිනකට ලබා ගැනීමට සිදුවී තිබෙනවා.එමෙන්ම ඕස්ට්‍රේලියාවේ මෙයට පිළියමක් නොමැති නිසා ප්‍රතිකාර සඳහා එක්සත් ජනපද වෛද්‍යවරුන් වෙත දැරියව මේ වනවිට යොමු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

අපි හැමෝම එයාට ඉක්මන් සුව පතමු

!🥲


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!