zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

බීටල්ජූස් පුපුරා අවසන්ද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 


බීටල්ජූස් කියන්නෙ තාරකා විද්‍යාව ගැන Interest බොහෝ දෙනෙක් පුපුරනකම් බලාගෙන ඉන්න තාරකාවක් කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නෑ.මොකද මේක තමන්ගෙ ජීවිතේ අවසාන කාල සීමාව ගෙවමින් පවතින අධි ස්කන්ධ තාරකාවක්. ඔබ හොඳින්ම දන්නව අධි ස්කන්ධ තාරකාවක අවසානය සිදුවෙන්න සුපර්නෝවා පිපිරුමකින් කියල. ඉතින් මෙය පෘථිවියට සාපේක්ෂව තරමක් ආසන්නයේ පවතින නිසා විඳ්‍යාඥයින් පවසන්නේ එවැනි පිපිරුමක් සිද්ධ උනොත් අනිවාර්යයෙන්ම එය අපිට පියවී ඇසට ඉතා දීප්තිමත්ව දකින්න පුළුවන් කියල. ඉතින් අපි කවුරුත් ආසයි එවැනි පිපිරුමක් සියැසින් දැකබලාගන්න.🫣


හැබැයි මෙතන තියෙන ප්‍රශ්නෙ තමයි කවද්ද මේක පුපුරන්නෙ කියන එක?

මේක පුපුරන කාල සීමාව ගැන පසුගිය වසර කිහිපයේම සමාජ මාධ්‍ය තුළ විවිධ වැරදි ප්‍රවෘත්ති පැතිර ගියා. ඇතැම් ප්‍රවෘත්ති වල සඳහන් වෙලා තිබුනා මේ පිපිරීම 2022 දි අපිට දැකබලාගන්න පුළුවන් වෙයි කියල. කොහොම නමුත් ඒ වැරදි තොරතුරු බොහෝමයකට හේතුව Research papers භාගෙට කියවල ආටිකල් ලියපු එක. ඇතැම් Research වැරදියි කියලත් පස්සෙ තේරුම් ගිහින් තිබුනා.

ඒව කොහොම උනත් ඔබ දනන්වා 2019 අගභාගයේ සිට මේ වන තුරුම බීටල්ජූස්ගෙ දීප්තියෙහි අඩුවැඩි වීම් සිදුවූ බව. මේක ඇත්තටම බීටල්ජූස් පිපිරීමට බොහෝ ආසන්න බවට එක් සාක්ෂියක්. ඉතින් මේ දීප්ති වෙනස් වීම ගැන දිගින් දිගටම පර්‍යේෂණය කරපු විද්‍යාඥයින්ට මේ වන විට සොයාගන්න පුළුවන් වෙලා තියෙනව එය පුපුරා යන කාලසීමාවක්.

නමුත් ඒ ගැන අපි ආටිකල් එකකින් කතාකරන්න යන එක තරමක් ප්‍රායෝගික මදි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් ඉදිරි දිනයකදී ඔබට ගෙන එන්න. ඒ තුළින් අපි මූලිකවම කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ මේ දීප්ති වෙනසට හේතුව, එය පුපුරන කාල සීමාව, එය සිදුවන ආකාරය සහ ඉන් පෘථිවියට බලපෑමක් වෙයිද කියන කරුණු ගැන.

ඉතින් මීට අමතරව ඒ වීඩියෝ එකට එකතු විය යුතු මේ ගැන ඔබට පවතින තවත් ගැටළු තියෙනවනම් පහළින් කමෙන්ට් කරන්න. ඉක්මනින්ම ඒ වීඩියෝ එකෙන් හමුවෙමු.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!